sura

මහ බැංකු බැඳුම්කර වංචාවට චෝදනා ලැබූ අර්ජුන ඇලෝසියස්ට අයත් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව යළි බලපත්‍ර නිකුත්කර තිබේ.

2021 ජුනි මස 01 වන දින ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම සඳහා ලබාදී තිබූ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරනු ලැබීය.

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම විසින් රුපියල් බිලියන 1.5 කට අධික බදු ප්‍රමාණයක් රජයට ගෙවීම පැහැර හැරීම හේතුවෙන් ඔවුන් සඳහා හිමිව තිබූ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය 2018 වසරේදී සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අවලංගු කරන ලදී.

මෙන්ඩිස් සහ සමාගම විසින් රජයට ගෙවිය යුතු රුපියල් බිලියන 1.5 කට අධික බදු ප්‍රමාණය මෙතෙක් ගෙවා නොමැති අතර, එම බදු ඉදිරියේදී ගෙවීමේ පදනම මත දෙපාර්තමේන්තුව විසින් මෙලෙස බලපත්‍ර නිකුත් කර ඇත.

රාජ්‍ය බැංකුවකින් ලබාගත් රුපියල් බිලියන 04ක ණය මුදලක් පැහැර හැරීම සම්බන්ධයෙන්ද මෙන්ඩිස් සහ සමාගමට එරෙහිව නඩුවක් ක්‍රියාත්මක වේ.

Similar Posts