tamildhool vijay tv

ඉන්ධන හිඟය සහ විදුලිය කප්පාදුව හේතුවෙන් එතනෝල් නිෂ්පාදනයට බාධා පැමිණීම නිසා මත්පැන් නිෂ්පාදනයට ප්‍රමාණවත් එතනෝල් නොලැබෙන බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

සෙවණගල, පැල්වත්ත සහ ගල්ඔය සීනි කර්මාන්ත ශාලා එතනෝල් දේශීයව නිෂ්පාදනය කරන්නේ උක්ගස් භාවිත කරමිනි. තවත් සමාගමක් බඩ ඉරිඟු භාවිත කරමින් එතනෝල් නිෂ්පාදනය කරයි. කෙසේ වෙතත් ආණ්ඩුව 2020 ජනවාරි මස සිට එතනෝල් ආනයනය අත්හිටුවා ඇත.

නියමිත පරිදි එතනෝල් නොලැබුණහොත් මාර්තු 22 වැනි දින සිට මත්පැන් නිෂ්පාදනය නතර කරන බවද මෙරට ප්‍රධානම මත්පැන් නිෂ්පාදනාගාරය සුරාබදු දෙපාර්තමෙන්තුවට දැනුම් දී තිබේ.

Similar Posts