wattakka

මෙවර යල් කන්නයේ නෙලාගත් වට්ටක්කා අස්වනු ඉන්ධන නොමැතිකම හේතුවෙන් අලෙවි කර ගැනිමට නොහැකිවි ඇතැයි මහවිලච්චිය ප්‍රදේශයේ ගොවිහු පවසති.

මහවිලච්චිය ගොවි ව්‍යාපාරයේ යාය 07,මන්නාරම් හන්දිය, යාය 03,දකුණු ඉවුර යන ප්‍රදේශවල පදිංචි ගොවිහු මෙවර යල්කන්නයේ අක්කර 600 කට ආසන්න භුමි ප්‍රමාණයක වට්ටක්කා වගා කොට තිබේ.

එහෙත් එම වගාවෙන් නෙලාගත් වට්ටක් අස්වැන්න වෙළෙඳපොළට රැගෙන යාමට ඉන්ධන නොමැතිකම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවද එම ගොවිහු පවසති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දකුණු ඉවුර,පේමඩුව,පදිංචි ආර්.එම්.නන්දසේන(48) ගොවි මහතා මෙසේ පැවසිය.

‘අධික මිල ගනන් යටතේ පොහොර ලබාගෙන තමයි වට්ටක්කා වගාව සිදුකළේ. මේවන විට තඹුත්තේගම,දඹුල්ල ආර්ථික මධ්‍යථාන වල වට්ටක්කා සදහා ඉහළ මිලගනන් පවතිවා.කිලෝව රැපියල් 170 කට වගේ අලෙවි කරගන්න පුලුවන්.’රාජා’ වර්ගයේ වට්ටක්කා කිලෝවක් රැපියල් 170.00 කටත් අනෙක් එවා රැපියල් 150 කට හා 160 ක් වැනි මිලකටත් අලෙවිකර ගන්න පුළුන්.එහෙත් එවා වෙළදපලට රැගෙන යන්න වාහන වලට ඉන්ධන නැහැ’.

සමහර ව්‍යාපාරිකයන් වට්ටක්කා රැගෙන යන්න තම් ගම්වලට පැමිනෙන බවත් ඔවුන් එවා අඩු මිලට ඉල්ලන බවත් ගොවිහු චෝදනා කරති. එම නිසා තම අස්වැන්න සාධාරණ මිලකට අලෙවි කර ගැනිම සදහා වෙළදපලට රැගෙන යාමට මැදිහත් වන ලෙස ඔවුහු බලධාරින් ගෙන් ඉල්ලා සිටිති.

ඵලදාව ප්‍රවාහනයට අවශ්‍ය ඉන්ධන ලබාදීමට එම ගොවීන්ට සහය වීමට කටයුතු කරන බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා පැවසිය.

මේ පිළිබඳ තොරතුරු වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය වෙත යැවිමට පියවර ගන්නා බවද හෙතෙම වැඩි දුරටත් පැවසිය.

දයාරත්න ඇඹෝගම

Similar Posts