china covid news

මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරාගැනීම සදහා පාර්ලිමේන්තුවේදී ඡන්ද වීමසීමක් අද පැවත්වෙයි.

ඒ සදහා නාමයෝජනා කැඳවීම ඊයේ පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් සිදු කළ අතර, එම කටයුතු මෙහෙයවනු ලැබුවේ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක විසිනි.

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ නම් එහිදී යෝජනා වු අතර පාර්ලිමේන්තු මහලේකම්වරයා එම යෝජනා පිලිගනු ලැබුවා.

අපේක්ෂකයින් තුන්දෙනෙකු ඉදිරිපත්ව ඇති හෙයින් රහස් ජන්ද වීමසීම අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන අතර, තේරීම්භාර නිලධාරියා ලෙස කටයුතු කරන්නේ පාර්ලිමේන්තු මහලේකම්වරයායි.

ඡන්දය ආරම්භ කිරීමට පෙර තේරීම්භාර නිලධාරියා විසින් හිස් ඡන්ද පෙට්ටිය මන්ති්‍රීවරුන්ට පෙන්වීමෙන් පසු මුද්‍රා තැබීමට නියමිතයි.

මෙම ඡන්ද විමසීමේදී කථානායකවරයාටද සිය ඡන්දය භාවිත කිරීමට අවස්ථාව හිමිවෙයි.

Similar Posts