russiya

මෑත කාලීනව යුක්‍රේනයේ ප්‍රචණ්ඩත්වය උත්සන්නවීම පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි කනස්සල්ලට පත්ව සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, කලාපයේ සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ත් උපරිම සංයමයකින් කටයුතු කරන ලෙසත්, එදිරිවාදිකම් වහා නැවැත්වීමට කටයුතු කරන ලෙස ත් ශ්‍රී ලංකාව අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවයි.

රාජ්‍ය තාන්ත්‍රිකභාවයෙන් සහ අවංක සංවාදයකින් අර්බුදය විසඳා ගැනීමට අදාළ සියලු පාර්ශ්වවල සාමූහික උත්සාහයක අවශ්‍යතාව ශ්‍රී ලංකාව අවධාරණය කරයි.

Similar Posts