එක්සත් වාමාංශික පෙරමුණේ ලේකම් ධුරය දැරු ජේෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතා එම පක්ෂයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. පසුගියදා රැස්වු එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය දැක්විය යුතු බවට යෝජනාවක් සම්මත කිරීම නිසා ඊට විරෝධය දක්වමින් ලාල් විජේනායක මහතා මෙසේ පක්ෂ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

එම පක්ෂය මීට පෙර පැවති මධ්‍යමකාරක සභා රැස්වීමක දී තීරණය කර තිබුනේ ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතාට තම පක්ෂයේ සහාය දැක්වීමටත්, දෙවැනි මනාපය ගොඨාභය රජපක්ෂ මහතා පරාජය කිරීමට හැකියාව ඇති ප‍්‍රබල අපේක්ෂකයාට ලබා දිය යුතු බවටයි. ඒ අනුව ලාල් විජේනායක මහතා ජාතික ජනබලවේගය සංවිධානය කරනු ලැබූ රැස්වීම්වලට තම පක්ෂය නියෝජනය කරමින් සහභාගී වෙමින් එම මැතිවරණ ව්‍යාපාරයට විශාල දායකත්වයක් සැපයීය.

ලාල් විජේනායක මහතා ඉවත්වීමෙන් හිස් වූ ලේකම් ධුරය සදහා එම පක්ෂයේ හිටපු පලාත් සභා මන්තී‍්‍ර කීර්ති කාරියවසම් මහතා නිතරගයෙන් ලේකම් ධුරය සදහා පත්වී සිටී.

Similar Posts