power-cut

ඉදිරි මාස තුනක කාලයේ විදුලිය කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය බව විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇත. ඒ සදහා අනුමැතිය දෙන්නැයි මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා ඇත.

කොමිසම පවසන්නේ විදුලිය පරිභෝජනය අවම කර සහාය ලබා නොදුනහොත් ඒ සඳහා අවසර දිය යුතු තත්ත්වයක් උදා වී ඇති බවයි.

“ඉදිරි මාස 3ක විදුලි කප්පාදුවකට අවසරය ඉල්ලා සිටියා. විදුලි පරිභෝජනය අවම කර සහාය ලබාදෙන්න. නැත්නම් විදුලි කප්පාදුවකට අවසර දියයුතු වනවා. ජනතාවට අඛණ්ඩ විදුලි සැපයුමක් අවශ්‍ය නම් මහජන උපයෝගීතා කොමිසම නැවත දැනුම්දෙන තුරු විදුලි පාරිභෝගිකයන් සවස 6 සිට රාත්‍රී 10 දක්වා විදුලි උඳුන්, හීටර, රෙදි සෝදන යන්ත්‍ර, වායුසමීකරණ භාවිත කිරීමෙන් බැහැර වෙන්න. මෙරට විදී ලාම්පු ලක්ෂ 5ක ප්‍රමාණය එක් රාත්‍රියකට දැල්වීමට මෙගාවොට් 50ක් යනවා. මෙය 80%ක් දක්වා පහත හෙළිය යුතුයි. ව්‍යාපාරික ස්ථානවල වායුසමන යන්ත්‍ර පැය 4ක කාලයක් ජෙනරේටර් මගින් බලගන්වන්න. රාත්‍රියේ නාමපුවරු, නියෝන් ලයිට්ස්, එළිවෙන තුරු දැල්වෙන පහන් සියල්ල නිවා දමන්න.”

Similar Posts