ශ්‍රි පත්තිනි දේවාලයේ වාර්ෂික උත්සවය මේ මස 16 වන දින සිට

බණ්ඩාරනායක පුර ශ්‍රි පත්තිනි දේවාලයේ වාර්ෂික උත්සවය මේ මස 16වන දින සිට 18වන දින දක්වා පැවැත්විමට පියවර ගෙන ඇත.

මේ පිලිබදව අදහස් දැක්වු එම දේවාලයේ ප්‍රධාන පුජක විමලදාසන් බාලකුමාර් සර්මා පුජක තුමන් පවසන ලද්දේ හැටන් බණ්ඩාරනායක පුර ශ්‍රි පත්තිනි දේවාලයේ 44වන වාර්ෂික උත්සවය සෞඛ්‍ය උපදෙස් මත මෙවර පැවැත්විමට පියවර ගෙන ඇති බවත්ය.

ඒ අනුව මේ මස 16වන දින පෙරවරු 9.30ට කිරි කල පෙරහැර හැටන් දුබුරුගිරිය හනුමන්තා දේවාලයෙන් ආරම්භව ශ්‍රි පත්තිනි දේවාලයට පැමින එම කිරිවලින් පත්තිනි දේව රුපය දෝවනය කිරිම සිදු කරන බවත්ය.

17වන දින පෙරවරු 9.00 සිට දේවාලයේ විශේෂ පුජාවන් පවත්වා පස්වරු 3.00ට වීශේෂ මුරුතැන් පොංගල් පුජාව පැවැත්වෙන අතර 18වන දින කහවතුර පෙරහැරින් ගෙනවිත් අභිෂේක පුජාවන් පවත්වා දිය කැපිම සිදු කරන බවද ඔහු පවසන ලදි.

මෙම පුජාවන් සදහා පැමිනෙන සියලුම බැතිමතුන් සෞඛ්‍ය උපදෙස් පිලිපදිමින්  නිසි ලෙස මුඛ ආවරණ පැලැද පැමිනෙන ලෙස ඉල්ලා සිටින බවද විමලදාසන් බාලකුමාර් සර්මා පුජක තුමන් වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts