සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩ වර්ජනය අද (04) සිට දින 10 කට අත්හිටුවයි

strick

සෞඛ්‍ය වෘත්තීයවේදීන් ආරම්භ කළ වැඩ වර්ජනය අද (04) උදෑසන 8.00 සිට දින 10 කට අත්හිටුවීමට තිරණය කර තිබේ.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු ,රවී කුමුදේශ් මහතා සඳහන් කළේ, සෞඛ්‍ය ලේකම්වරයා සමග පැවති හදිසි සාකච්ඡාවේදී දැක්වූ ප්‍රතිචාර මත මෙම තීරණය ගත් බව ය.

ඊට අමතරව විදුලිය සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් ජනතාව පත්ව ඇති පීඩා සැලකිල්ලට ගනිමින් වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව ද රවී කුමුදේශ් මහතා සඳහන් කළේ ය.

සෞඛ්‍ය වෘත්තිය සමිති 17 ක් එක්ව පෙරේදා (02) මෙම වැඩවර්ජනය ආරම්භ කළේ, වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයකට නිසි විසඳුම් නොලැබීමට විරෝධය පළ කරමිනි.

Related posts