අනුරාධපුර හා පොලොන්නරුව දිස්ත්‍රික්ක දෙකේ රජයේ පාසල් වල සේවයේ නියුතු අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයින්ගේ වාර්ෂික ස්ථාන මාරු සිදුකිරීම අවිධිමත් කිරීම නිසා සේවකයන් රැසක් දැඩි අපහසුතාවන්ට මුහුණදි තිබෙනා බව අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයන් අනාවරණය කළහ.

2021වසරේ ස්ථානමාරු සදහා අයුදුම්පත්‍ර කැදවීම ගෙවුණු වසරේ සැප්තැම්බර් මාසයේ සිදුකෙරුනත් එම ස්ථානමාරු අයදුම් පත්‍ර වලටම පමණක් සීමාවි ඇති බව ඔවුන් කීහ.උතුරු මැද පළාතේ පාසල් රැසක අනධ්‍යන සේවක සේවිකාවන් දහසකට අධික ප්‍රමාණයක් සේවය කරන බවත් එකම සේවකයා වසර 6-7ක කාලයක් එකම පාසලේ රැදී සිටිනා බව ඔවුන් පෙන්වා දුන්හ.

ආණ්ඩුකාර ලේකම් පළාත් අධ්‍යාපන ලේකම් පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කළාප අධ්‍යක්ෂවරුන් ඇතුළු නිලධාරිගෙන් සැදුම් ලත් කමිටුවක් ස්ථාන මාරු සදහා පසුගිය සමයේ පත්කළත් එම කටයුතු මන්දගාමිවීම පිළිබදව සේවකයන් සිය අප්‍රසාධය පලකළහ.

පාසල් කාර්යාල කාර්ය සහයකවරුන් රසායනාගාර සහකාරවරුන් හා පාසල් මුරකරුවන් යන තනතුරුවල නිරතවන්නන් සේවා ස්ථාන මාරු ලබාගැනීමට නොහැකිව මෙලෙස අපහසුතාවන්ට මුහුණදි සිටිති.ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සේවකයන්.අවුරුදු හයක් හතක් අපි එකම තැන ඉන්නවා.

සමහර සේවකයන්ට ස්ථානමාරු අවශ්‍ය නෑ ඔවුන් නිවෙස් ආසන්නයේම තියෙන පාසල් වල සේවය කරන නිසා.පිට පළාත් වලින් සේවයට එක්වුණු අය ඉන්නවා.ඈත පළාත් වල ඉදන් දිනපතා සේවයට යන එන අය විශාල පිරිසක් ඉන්නවා.ඒ අයට ස්ථාන මැරු අවශ්‍යයි.

සැප්තැම්බර් මාසේ තමයි ස්ථාන මාරු සදහා අයදුම්පත් කැදෙව්වේ.දැන් වසරකට ඉතා ආසන්නයි.කොවිඩ් ව්‍යසනය තිබ්බා කියලා මේ කටයුතු අනිත් පළාත් වල අතපසු වෙලා නෑ.උතුරු නැගෙනහිර ඇතුළු සෙසු සියළුම පළාත්වල මේ ස්ථානමාරු විධිමත්ව සිද්ධවෙලා තියනවා.

අධ්‍යාපනයේ හැම කටයුත්තක්ම ආපස්සට යවන්නේ උතුරු මැද පළාතේ අධ්‍යාපන බලධාරින් නිලධාරින් ඇතුළු පිරිස්.ඒ නිසා කඩිනමින් මේ කටයුතු අවසන් කරලා අවුරුදු 6-7ක් එකම තැන පල්වෙන සේවකයන්ට ස්ථාන මාරු ලබාදෙන්න කියලා බලධාරින්ට දන්වා සිටිනවා යනුවෙන් ඔවුන් පැවසූහ.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

Similar Posts