අනුරාධපුර මාර්කට් පෙදෙසේ පිහිටි ස.තො.ස වෙළද මධ්‍යස්ථානයේ පිහිටි රජයේ රටබීම හලේ මුද්‍රා කඩා මත්පැන් තොගයක් පිටතට ලබාදුන් බව සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පරික්ෂණ වලදි මත්පැන් බෝතල් 89ක අඩුපාඩුවක් තිබූ බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සිදුකල පරික්ෂණ වලදි අනාවරණයවූ බව ඒම අංශය පවසයි.

සුරාබදු දෙපාර්තුමේන්තුව වෙළද අමාත්‍යංශයේ නිලධාරින් හා පොලිසිය ඒහි පරිඝණක දත්ත හා සෙසු තොග පරික්ෂා කරමින් සිදුකළ පරික්ෂණ වලදි අදාල රටබීම හලේ තිබූ මත්පැන් තොග අතරින් බෝතල් 89ක් පමණක් අඩුවි තිබෙනා බවත් සංචරණ සීමාසමයේ සුරාබදු දෙපාර්තුමේන්තුව තබා තිබු මුද්‍රා කැඩීම සම්බන්ධයෙන් සුරාබදු නිලධාරින් පිරිසකට ඒරෙහිව සුරාබදු අධිකාරිවරයෙකු වෙනම පරික්ෂණයක් සිදුකරනා බව පොලිසිය පැවසුවේය.

මව්බිම පුවත්පතට පසුගිය (8දා) රාත්‍රීයේ සිදුවිම අනාවරණය වීමත් සමග පරික්ෂණය ආරම්භ කිරීමට පෙරම කලමනාකාරවරිය හා සුරාබදු නිලධාරින් ඒක්ව අදාල සිදුවීම වසා දැමීමට අවශ්‍ය පියවර ගන්නට ඇති බව සිද්ධිය අනාවරණය කළ සේවකයන් පැවසූහ.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පලකළ සේවකයන් පිරිසක්.මත්පැන් ගෙනියන්න ආපු යුද හමුදා වාහනයට මත්පැන් බෝතල් කීයක් පැටෙව්වද යන්න අපි දන්නවා.සුරාබදු නිලධාරිනුත් දන්නවා.විශාල මුදලක් සේප්පුවට පිරුණේ කොහෙන්ද යන්නත් අපි දන්නවා.ඉහලින්ම මේ ජාවාරම වහන්න අවශ්‍ය කටයුතු සියල්ල කළා කියන ඒකේ සැකයක් නෑ.

පිටතට රැගෙන ගිය මත්පැන් බෝතල් ප්‍රමාණයට වඩා මත්පැන් බෝතල් 89ක් අඩුයි කියන කථාවත් ඒක්ක පරික්ෂණ විහිළුවක්.ඒහෙනම් මත්පැන් තොගයක් කලමනාකාරවරිය වෙනම ගබඩා කරලා මේකේ තියාගෙන ඉන්න ඇති.නමුත් විශාල මත්පැන් ‌තොගයක් මෙතනින් පිටතට ගියා.

පොලිසිය සිදුකරන පරික්ෂණ වලදි ඔවුන්ට මෙතනින් පෙන්වන දේතමයි පිලිගන්න වෙන්නේ.මේ සිද්ධිය වුණ දවසට පසුදින මාධ්‍ය මේ සම්බන්ධයෙන් කලමනාකාරවරියගෙන් විමසීම් කරනවත් ඒක්කම වහාම ක්‍රියාත්මක වෙලා අවශ්‍ය පියවර අරගෙන මේ ජාවාරම වැහුවා යනුවෙන් ඔවුන් පැවසුහ.

සංචරණ සීමා සමයේ මත්පැන් තොගයක් පිටතට රැගෙනයාම සම්බන්ධයෙන් අනාවරණයවීමත් සමග අනුරාධපුර ස.තො.ස ආයතනයේ කලමනාකාරවරියගෙන් විමසීම සදහා (8දා) රාත්‍රීයේ දුරකථන ඇමතුමකින් විමසූ අවස්ථාවේ තමන් නිවසට ගොස් දුරකථන බැටරිය ආරෝපනය කර ඇමතුමක් ලබාගන්නා බව පැවසුවාය.පසුව අප ඇයව සම්බන්ධකර ගැනීමට ඇමතුම් 20කට අධික සංඛ්‍යාවක් ලබාගත්තත් ඇය ඊට ප්‍රතිචාර නොදැක්වුවාය.

සුරාබදු දෙපාර්තුමේන්තුවේ නිලධාරියෙකුගෙන් (8දා)රාත්‍රීයේ කළ විමසීමකදි කියා සිටියේ ගල්නෑව ප්‍රදේශයේ පිහිටි යුද හමුදා කදවුරක අවශ්‍යතාවක් සදහා විවිධ වර්ගයේ මත්පැන් බෝතල් 300කට ආසන්න ප්‍රමාණයක් සතොස ආයතනයේ මුද්‍රාකඩා ලබාදුන් බවයි.

ඒහෙත් පෙරේදා (09දා) සිදුකළ පරික්ෂණ වලට අනුව ඒහි තොග අඩුව බෝතල් 89ක් බව පොලිසියට කලමනාකාරිත්වය තහවුරු කර තිබුණි.ඊට අමතරව ආයතනයට බැර නොකළ රුපියල් 169000කට අධික මුදලක් ආයතන සේප්පුවේ තිබි පොලිසිය සොයා ගෙන තිබුණි.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

Similar Posts