පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන් මහනුවරදී මාරාන්තික උපවාසයක් පටන් ගත්තා. උන් වහන්සේ උපවාසයක් කරලා ඉල්ලූවේ අසාද් සාලි, බදියුදින්, හිස්බුල්ලා කියන තුන් දෙනා ඉවත් කරන්න කියලා. ඒ තුන්දෙනා තනතුරුවලින් ඉවත් කළේ නැත්තම් උන්වහන්සේ අපවත් වෙනවා කිව්වා. මාරාන්තික උපවාසයක් කළේ. මේක අහපු
ගම්වල මිනිස්සු කලබල වුණා. ජනතාව බැනර් ගැහැවුවා. සෙත් පැතුවා. බෝධි පූජා තිබ්බා. රතන හාමුදුරුවන්ට මොනවා හරි වුනොත් ගිනි තියාගන්නවා කිව්වා. අපි කවුරුත් බයෙන් හිටියේ මොනවද මේ වෙන්න යන්නේ කියලා.

ඒ වෙලාවේ අර මුස්ලිම් නායකයෝ තනතුරු වලින් ඉවත් වුණා. රතන හිමියොත් උපවාසය අත හැරියා. දැන් මොකද වෙලා තියෙන්නේ. ජනාධිපතිවරණය දැන් ආවා. හිස්බුල්ලා තීරණය කළා ගෝඨාභයට සහාය දෙන්න. අර පාර්ලිමේන්තු මන්ත‍්‍රී රතන හිමියොත් තීන්දුවක් ගත්තා ගෝඨාභයට උදව් කරන්න. දැන් අර හිස්බුල්ලාව අයින් කරේ නැත්නම් අපවත්වෙනවා  කියලා උපවාස කළ රතන හිමියොත් හිස්බුල්ලත් එකම වේදිකාවේ.

අද දේශපාලනයේ සාදාචාරයක් නැහැ. තමන්ගේ වාසියට ඕන දෙයක් කරනවා. යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ ජාතික ජනතා බලවේගයේ වැලිමඩ නගරයේ පැවැති මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමිනි.

Similar Posts