nandalal

ආර්ථිකය ස්ථාවර කිරීමට ආර්ථික සංවර්ධන වේගය ධන මට්ටමකට ගෙන ඒම සහ උද්ධමනය පාලනය කිරීම සිදු කළ යුතු බව ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ඔහු කියා සිටියේ අඩු ආදායම්ලාභීන් ආරක්ෂා කිරීමට සමාජ ආරක්ෂණ ජාල සඳහා මුදල් වෙන් කළ යුතු බවයි.

එමෙන්ම ආනයනය සීමා කර ඛණිජ තෙල්, බෙහෙත් සහ ගෑස් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදීගැනීම සිදු කළ යුතුයි. සියයට 14 ත් 15ත් අතර මට්ටමකට රාජ්‍ය ආදායම වැඩි කළ යුතු වනවා. ආර්ථික අර්බුදය හේතුවෙන් ඇතිවන අපහසුතාව අඩු ආදායම්ලාභී ජනතාවට පමණක් නොව වැඩි ආදායම්ලාභීන් අතරද බෙදා හැරීම කළ යුතු බවයි මහබැංකු අධිපතිවරයා පවසන්නේ.

ආනයනය සීමාකිරීම මගින් ඉකුත් වසරේ බිලියන 2 පමණ වූ වියදම මෙම වසරේ 1 යි දශම 3කට අඩු කරගැනීමට හැකිවී තිබෙනවා. ඖෂධ, ඛණිජ තෙල් සහ ගෑස් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට හැකිවී ඇත්තේ ඒ අනුවයි. වර්තමානයේ රාජ්‍ය ආදායම බිලියන 1 යි දශම 2 පමණ වනවා.

Similar Posts