closed

මේ වන විට නිදහස් වෙළෙඳ කලාපවල සේවකයන්ගේ පැමිණීම සියයට තිහකින් පමණ අඩුවී ඇතැයි නිදහස් වෙළෙඳ කලාප පොදු සේවක සංගමයේ ලේකම් ඇන්ටන් මාකස් පැවසීය.

නියමිත දිනට ජාත්‍යන්තර ඇඟලුම් ඇණවුම් ලබාදීමට නොහැකිවී ඇති බවත් ඒ නිසා කර්මාන්තශාලා වෙත ලැබෙන ඇණවුම් ප්‍රමාණය සියයට විස්සකින් පමණ අඩු වී ඇති බවත් හෙතෙම කීවේය.

සේවක වැටුප් ගෙවීමට නොහැකිව ඇඟලුම්හල් කිහිපයක් මේ වන විට වැසී ගොස් ඇති අතර, හැකි ඉක්මනින් වෙළෙඳ කලාප තුළ පවතින ගැටලු සඳහා විසඳුම් ලබා නොදෙන්නේ නම් අගෝස්තු මාසය අවසානය වන විට තවත් ඇඟලුම්හල් රැසක් වැසීයාමේ අවධානමක පවතින බවද ඒ මහතා අවධාරණය කළේය.

Similar Posts