adiwegaya

මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ කොටසේ වැඩ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති වාර්තාව අසත්‍යයක් බව මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි.

ඔහු ඊයේ දින විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වයට හේතුව මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නිසා වුවක්ද යන්න සොයා බලන තෙක් ගම්පහ කොටසට අදාළ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටු බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පෙරේදා (13) දින නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණි.

නමුත් මහා මාර්ග අමාත්‍යාංශ ලේකම්වරයා පවසන්නේ කිසිදු ආකාරයකින් එවැනි තීරණයක් ගෙන නොමැති බවත් සුපුරුදු ලෙසටම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදුකරන බවත්ය.

එසේම ඔහු පවසන ආකාරයට ගම්පහ ගංවතුරට හේතු වී ඇත්තේ ඉතා කෙටි කාලයක් තුල මිලි මිටර් 300 ඉක්මවා අධික වර්ෂාපතනයක් ලැබීම, ප්‍රදේශයේ ජලය බැස යාම සඳහා ඇති ඇල මාර්ග, කාණු පද්ධති ප්‍රතිසංස්කරණය නොකිරිම, දුම්රිය මාර්ගයේ ජලය බැස යාමේ අවහිරතාය.

ශානිකා

Similar Posts