oman

ඕමානය සමග පැවැති තරග දෙකකින් සමන්විත 20 යි විස්ස ක්‍රිකට් තරගාවලිය දෙකට බින්දුවකින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ දෙවන සහ අවසන් 20 යි විස්ස තරගයෙන් කඩුලු පහක ජයක් අත් කර ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් වීමත් සමගයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඕමාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 159ක්.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු පහක් පමණක් දැවී ලකුණු 163 ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කරණු ලැබුවේ 18 වන පන්දුවාරයේදියි.

දක්ෂ පිති හරඹයක නිරත වූ භානුක රාජපක්ෂ සහ චාමික කරුණාරත්න ලකුණු 35 බැගින් රැස් කළා.

තරගයේ වීරයා බවට පත්වුණේ පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ චාමික කරුණාරත්නයි.

Similar Posts