කාර්මික නිෂ්පාදන දර්ශනය 2018 වසරේ සැප්තැම්බර් මසට වඩා මෙම වසරේ සැප්තැම්බර් මාසය 0.5 ‍% ක වැඞීවීමක් වාර්තා කරන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

2019 සහ 2018 යන වසර වල සැප්තැම්බර් මාසයේ දර්ශකය පිළිවෙලින් 107.3 ක් සහ 106. 07 ක් වී තිබේ.

2018 සැප්තැම්බර් මාසික නිෂ්පාදන ධාරිතාවට සාපේක්ෂව 2019 සැප්තැම්බර් මස කඩදාසි හා කඩදාසි ද්‍රව්‍ය නිෂ්පාදනය , මුලික ඖෂධ නිෂ්පාදනය හා විදුලි උපකරණ නිෂ්පාදනය පිලිවෙලින් 23.0 , 14.7 ,14.2 ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර තිබේ. එමෙන්ම ආහාර නිෂ්පාදන අංශයෙහිද 1.9 ක වැඞීවීමක් පෙන්වා ඇත.

මෝටර් රථ හා ටේලර් නිෂ්පාදන, ආභරණ නිෂ්පාදන, රෙදි නිෂ්පාදන ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයට වඩා මෙම සැප්තැම්බරයේදි අඩු වීමක් වාර්තා වන බවද ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කර සිටියි.

ශානි පොල්ගම්පල

Similar Posts