කොරෝනා වෛරසයෙන් අත්මිදීම සදහා පසුගිය දිනවල සමාජ මාධ්‍ය හරහා විවිධ දේශීය වෙදකම්, යන්ත්‍ර මන්ත්‍ර ගුරැකම්, දේව මෙහෙයන්, අත් බෙහෙත් ඇතුලු විවිධ ප්‍රථිකාර ක්‍රම පිළිබදව ප්‍රචාරය විය. මින් වැඩියෙන්ම සමාජ අවධානය යොමු වුයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ළමා රෝග පිළිබදව විශේෂ්‍ඥ වෛද්‍ය අනුරැද්ධ පාදෙනිය මහතා විසින් සිදු කළ දුම් හට්ටි ප්‍රථිකාර ක්‍රමය පිළිබදව ලොවට හෙලි කිරීම සම්බන්ධව යි.

තව දුරටත් මෙම දුම් හට්ටි ප්‍රථිකාර ක්‍රමය පිළිබදව නිරෝෂන් සමරවික්‍රම නැමති වෛද්‍යවරයා ඇතුලු තවත් වෛද්‍යවරැ කිහිප දෙනෙකු විද්‍යුත් නාලික කිහිපයකට පැමිණ සෙල සුවය නැමති පෞද්ගලික ආයතනයක් විසින් නිපදවන මෙම දුම් හට්ටි පිළිබදව පුලුල් ප්‍රචාරයක් කරනු ලැබූ අතර, මෙම ක්‍රමය මගින් මෙම වෛරසය වැලදී සිටි තමන්ට පමණක් නොව තවත් රෝගීන් කිහිප දෙනෙකු සුව වූ බව ප්‍රකාශ කරනු ලැබීය. ඒමෙන්ම, තමුන් වැඩ කරනු ලබන රෝහලේ  රෝහල් කාර්ය මණ්ඩල පවා මෙම දුම්හටිටි ප්‍රථිකාර ක්‍රමය ගන්නා බවටත් ප්‍රකාශ කරනු ලැබීය.

මෙම දුම් හට්ටිය කර ගැසු තවත් ජනප්‍රිය නාලිකාව පළමු ශ්‍රී ලංකික කොරෝනා රෝගියා ද ප්‍රථිකාර ලබා ගැනීමෙන් පසුව මෙම දුම් හටිටි ප්‍රථිකාරය ලබා ගත් බවත්, ඒ් නිසා ඔහුගේ මුලු පවුලම ආරක්ෂා වු බවත් තම නාලිකාව හරහා ප්‍රචාරය කරමින් මෙම දුම් හට්ටියට විශාල ප්‍රචාරයක් ද ලබා දෙන ලදී.

මේ අතර, අනිද්දා පුවත් පත මේ සම්බන්ධව හෙළිදරව් කරමින් මෙම හෙල සුවය වෛද්‍ය ක්‍රමය පිළිබදව ඒහි නිර්මාතෘගේ ප්‍රකාශයක් මෙසේ උපුටා දක්වා තිබේ.

‘හෙළ සුවය’ සිදු කරන්නේ ආයුර්වේද වෙදකම නොවන බවත් එය ”හෙළ නිල වෙදකම” බවත් එය තමන් දෙවිවරුන්ගෙන් ලැබෙන ඖෂධ වට්ටෝරු සමඟ තනිවම ආරම්භ කළ වෙදකමක් බවත්, ‘දිව්‍ය ලෝක, නාග ලෝක, බ‍්‍රහ්ම ලෝකවලට සම්බන්ධ මෙම වෙදකම පවතින බවත් පවසයි. මමත් වෙදකම ඉගෙනගන්න යොමු වුණා. ඒක ඉගෙනගන්න කරන්න  ඕනෑ භාවනා කිරීම. ඒ භාවනා කිරීමේදී යම් මට්ටමකට පැමිණියාම මේ තත්ත්වෙට  පත්වෙන්න පුළුවන්.’ අප්‍රේල් 13 වැනිදා ෆේස්බුක් පෝස්ටුවක් තබමින් හෙළ සුවය වෙළඳාමේ නිර්මාතෘ ලෙස පෙනී සිටින ප‍්‍රියන්තා සේනානායක පවසයි.

මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, කොරෝනා වසන්ගතට මුහුණ දීමට තවමත් කිසිදු රටක් සමත් වී නොමැති බවත්, මෙම තත්ත්වය යටතේ සමහර රටවල සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත මෙම රෝගය වැලදීමේ 10% පමණ අවධානමක් පවතින බවයි. ඒමෙන්ම,  මෙම රෝගය වැලදී සුව වූ පිරිස් වෙත නැවත රෝගය වැලදීමේ ප්‍රවණතාවයක් ද පවතින හෙයින්, මෙම රෝගයෙන් වැලකී සිටීමට කිසිදු රටක ජනතාව තුළ අවශ්‍ය ප්‍රතිශක්තීකරණයක් ඇති වී නොමැති බවත් ප්‍රකාශ කරයි.

මේ අතර, කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පළ වන “පදනමක් නොමැති උපදෙස් නොපිළිගන්නා,” ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

ඒමෙන්ම කොරොනා වෛරසය පාලනයට කැඳ පානය හෝ දුම් ඇල්ලීම වැනි අත්හදාබැලීම් මේ මොහොතේ යෝග්‍ය නොවන බව ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සභාවේ සභාපතිවරයා මෙන්ම ආයුර්වේද කොමසාරිස්වරයා ද වන චතුර කුමාරතුංග බීබීසී සිංහල සේවයට කියා තිබුනි.

ඔහු පෙන්වා දෙන්නේ කැඳ පානය නිසා නිරෝගී පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය වන නමුත් කොවිඩ්-19 රෝගී තත්ත්වය ඇතැම් කැඳ වර්ග නිසා උත්සන්න විය හැකි බවයි. කොරෝනාවෛරසය පාලනයට ආයුර්වේද ඖෂධ භාවිතය මේ දක්වා අවසර ලැබී නොමැති බැවින්, වඩාත් යෝග්‍ය වන්නේ වෛරසය ශරීර ගතව ඇතැයි සැක සහිත පුද්ගලයන් බටහිර වෛද්‍ය ක්‍රමය අනුව ප්‍රතිකාර කරන රජයේ රෝහලකට ඇතුළත් වීම බව ආයුර්වේද කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියි.

Similar Posts