karujayasuriya

රටක් ලෙස එක්සත්ව මුහුණ දිය යුතුව ඇති දැවැන්ත අභියෝගයක් අප ඉදිරියේ තිබියදී ඊට අදාළව බුද්ධිමත් ලෙස තීන්දු තීරණ ගත යුතුව ඇති වාතාවරණයක අහක යන ඛේදවාචක වලට පවා අත වනන තත්වයකට අපේ රට පත්ව තිබෙන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කථානායක කරු ජයසුරිය මහතා පවසයි.

ඔහු  පවසන්නේ විය හැකි අනතුර දැන දැනම වගකීම් විරහිතව කටයුතු කරමින් මහා විනාශයන් රට තුළට කැඳවන තත්වයට අපේ රට පත්ව ඇති බවය.

විදේශීය රටවල් දෙකක බලධාරීන් විසින් තම වරායන් තුළට ඇතුළු වීමට ප්‍රතික්ෂේප කර ඇති නැවක් අපගේ වරාය සීමාවට පැමිණීම සඳහා ඉඩකඩ ලබා දෙමින් සිදු කරගෙන ඇති මහා විනාශය අද අප අත්විඳිමින් තිබෙන බවත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ඇති වූ මහා විනාශය ඉදිරි පරම්පරා ගණනාවකට බලපාන බව අද විද්වතුන්ගේ මතයක් වන අතර  රජය මේ ගැන දීර්ඝ පරීක්ෂණයක් කළ යුතුව ඇති මෙන්ම  එය නැව් කටයුතු පිළිබඳ දැනුමක් ඇති විද්වතුන් විසින් කළ යුතු බවද ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම මේ ආකාරයේ ඛේදවාචකයන්ගෙන් පවා ප්‍රයෝජන ගන්නා ගජ මිතුරු බලවේග වලට මෙම ඛේදවාචකය ද වසන්තයක් කරගැනීමට කිසිදු ඉඩක් නොතැබිය යුතු බවද ඔහු අවධාරණය කර සිටියි.

ශානිකා

Similar Posts