miris

එක් ගමකට එක් බෝගයක් සංකල්පය යටතේ නාවලපිටිය ගලබොඩවත්තේ ක්‍රියාත්මක මිරිස් වගාව ලෝක ආහාර සංවිධානයේ පැසසුමට ලක්ව තිබෙනවා.

වතු සංවර්ධන මණ්ඩලයට අයත් ආර්ථික ඵලදාවක් නොමැති ඉඩම් අක්කර සියයක් අක්කර භාගය බැගින් වතුකරයේ තරුණ ප්‍රජාව අතර බෙදා දී මීට මාස තුනකට පමණ පෙර මෙම මිරිස් වගාව ආරම්භ කෙරුණා.

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ යෝජනාවකට අනුව ක්‍රියාත්මක කෙරුණු මෙම මිරිස් වගාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකා හා මාලදිවයින් නිත්‍ය නියෝජිත විමලේන්ද්‍ර සරාන් මහතා නිරීක්ෂණය කලා.

මෙම වැඩපිළිවෙළ සාර්ථක බව පෙන්වා දුන් ඒ මහතා සාම්ප්‍රදායික ගොවිතැනින් බැහැරව මෙවැනි කෘෂිකාර්මික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළින් ඉහළ ආදායමක් ලබා ගත හැකි බවද කියා සිටියා.

Similar Posts