cow

ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනය සම්පුර්ණයෙන් තහනම් කිරීමට ගත් තීරණය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමු වී තිබෙන බව රජයේ ආරංචි මාර්ග පවසනවා.

මෙම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා පනත් කෙටුම්පත් කිහිපයක් සංශෝධනය කළ යුතු ව තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ සඳහා අනුමැතිය ඉල්ලා අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ඇමැතිවරුන් දෙදෙනකු එක්ව ඒකාබද්ධ කැබිනට් සංදේශයක් ඉදිරි පත් කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළා.

ගව ඝාතනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීමට ගව ඝාතන පනත, සත්ව පනත, මහ නගර සභා ආඥා පනත, නගර සභා ආඥා පනත සහ ප්‍රාදේශීය සභා ආඥා පනත ඇතුළු පනත් කිහිපයක් සංශෝධනය කළ යුතු ව තිබෙනවා.

ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනය සම්පූර්ණයෙන්ම නතර කිරීම සඳහා කැබිනට් මණ්ඩලය 2020 සැප්තැම්බර් මස 28 වැනි දා තීරණය කර ඇති අතර, අදාළ පනත් සංශෝධනය කර නොමැති නිසා, එය තවමත් ක්‍රියාත්මක වී නොමැත.

Similar Posts