gotabaya

හිටපු ජනපති අමරිකාවට යාම අතහැර දමයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගෝස්තු මාසයේ දී යළි දිවයිනට පැමිණ දේශපාලන කටයුතු වලට සූදානම් වන බව වාර්තා වෙයි.

සිංගප්පූරුවේ දැනට රැඳී සිටින හිටපු ජනාධිපතිවරයා ඉදිරි දිනවලදී සෞදි අරාබිය බලා පිටත්ව යාමට නියමිතය.

මේ මස අවසානය දක්වා එහි රැඳී සිටින හිටපු ජනාධිපතිවරයා ඉන් පසු දිවයිනට පැමිණීමට සැලසුම් කර තිබේ.

මේ අතර උපන් මවුබිමට සිය උපරිම ශක්ති ප්‍රමාණයෙන් සේවය කළ පරිදිම ඉදිරියටත් ඒ සඳහා සිය උපරිම දායකත්වය ලබාදීමට ඇප කැපවී සිටින බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර තිබිණි.

Similar Posts