missile

ජපානයට එල්ල කරන බලපෑම් සඳහා එකටඑක කිරීමක් ලෙස අමෙරිකාව සහ දකුණු කොරියාව, උතුරු කොරියාව වෙත ප්‍රතිචාර දක්වමින් සිටිනවා.

අමෙරිකාව සහ දකුණු කොරියාව එක්ව ජපන් මුහුදු සීමාව ඉලක්ක කර මිසයිල 04 ක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එලෙස එල්ල කර ඇත්තේ අමෙරිකාවේ නිෂ්පාදිත මිසයිලයි. දකුණු කොරියාව විසින් එල්ල කළ මිසයිලයක් අනතුරකට ලක්ව ඇති නමුත් ඉන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම සිද්ධිකය පදනම් කර ගනිමින් කොරියානු අර්ධද්වීපය තුළ යළිත් මතභේදාත්මක තත්ත්වයක් වර්ධනය වෙමින් ඇති බවයි ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ. ඊට හේතුවී ඇත්තේ ජපානය වෙනුවෙන් අමෙරිකාව සහ දකුණු කොරියාව නැගී සිටීමයි.

 

Similar Posts