school3

පාසල් යන වයසේ පසුවන දරුවන්ට අර්ධ කාලීන රැකියා අවස්ථාදීමට රජය ගෙනඒමට යෝජිත නව වැඩපිළිවෙල හරහා විශාල සමාජ පරිහානියක් සිදුවිය හැකි බවට වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකමුතුව අනතුරු අඟවා තිබේ.

“පාසල් යන වයසේ දරුවන්ට පැය 20ක් පෞද්ගලික අංශයේ රැකියා කරන්න අවස්ථාව ලබාදෙනවලු. නීතිරීති වෙනස් කරනවාලු. අධ්‍යාපනය කඩාවැටිලා තියෙද්දී අධ්‍යාපනය වෙනුවෙන් වැඩපිළිවෙලක් හදනවා වෙනුවට ළමයි රස්සාවට යවන්න හිතනවා නම් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ.”

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව සඳහන් කළේ ඉදිරියේදී පාසල් හැරයන දරුවන්ව කඩිනමින් රැකියාවල් සඳහා ගෙන්වා ගැනීම මේ තුළින් සැලසුම්කරන බවය.

Similar Posts