මේ දිනවල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයවන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හා ඇතැම් විනිසුරුවරුන්ගේ දුකතන සංවාද හේතු කොට ගෙන අධිකරණය කෙරෙහි වන මහජන විශ්වාසය හා ප්‍රතිරූපය බිඳ වැටෙන බවත් එමෙන්ම එය අධීකරණයේ ස්වාධීනත්වයටද තර්ජනයක් බව මහාධීකරණ විනිසුරු සංගමය කියයි.

එම නිසා එකී දුරකතන සංවාද වලට අදාළ විනිසුරුවරුන් පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදු කරන්නැයි මහාධීකරණ විනිසුරු සංගමය ගරු අගවිනිසුරුතුමාගෙන් හා අධීකරණ සේවා කොමිෂන් සභාවේ අනෙකුත් සාමාජිකයන්ගෙන් ඉල්ලා ඇත.

මහාධිකරණ විනිසුරු සංගමය ලිපියක් මගින් මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ ඔවුන්ගේ විශේෂ රැස්වීමක් පසුගිය බදාදා පැවැත්වීමෙන් අනතුරුවය. මෙම ලිපියට සංගමයේ සභාපති සම්පත් අබේකෝන් හා ලේකම් ඒ.කේ.එම් පටබැඳිගේ යන විනිසුරුවරුන් දෙපළ අත්සන් තබා ඇත.

Similar Posts