ධම්මික පෙරේරා මහතා ජුනි 21 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතය. තාක්‍ෂණ හා ආයෝජන ප්‍රවර්ධන ඇමැතිවරයා ලෙස දිව්රුම් දීමට ද ඔහු කටයුතු කරනු ඇත.

ධම්මික පෙරේරා මහතා මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම සඳහා ලැයිස්තු ගත සමාගම්වල ඔහු දැරූ තනතුරුවලින් පසුගියදා ඉවත් වූ අතර ඒ බව කොළඹ කොටස් හුවමාරුව වෙතද දැනුම් දී ඇත.ඔහු විසින් ක්‍රියාත්මක කරන්නට යෝජනා කරන වැඩසටහනක් මීට ටික දිනකට පෙර එළි දක්වා තිබේ.

එහිදී ධම්මික පෙරේරා අර්බුදකාරී ශ්‍රී ලංකාව සඳහා ඩොලරය ඉපැයීමේ 12 වැදෑරුම් උපාය මාර්ගයක් සකස් කර ඇත.

එම උපායමාර්ග 12 පහත පරිදිය.

1)ඉදිරි වසර 5 තුළ විදේශ මුදල් බැංකු තැන්පතු USD බිලියන 5 කින් වැඩි කරන්න.
2)සංචාරක ආදායම 10%කින් වැඩි කර ගැනීම සඳහා සංචාරක වීසා වලංගු කාලය මාස 6කට දීර්ඝ කරන්න.
3)විදේශයන්හි අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන් නිසා දැනට පිටවන ඩොලර් බිලියන 2.5ක ප්‍රමාණය 20%කින් අඩු කිරීමට හැකිය. එමඟින් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් ඉතිරි වේ. මීට අමතරව, ජාත්‍යන්තර සිසුන් ආකර්ෂණය කර ගැනීමෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.5 ක ගලා ඒමක් උපයා ගත හැකිය.
4)විදේශීය ශිෂ්‍ය ගාස්තු ඉපැයීමට සහ ජාත්‍යන්තර අධ්‍යාපන ආදායම වැඩි කිරීමට ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා හඳුන්වා දීම
5)වසර 10 ක සැලැස්මක් සැකසීම මගින් විදේශ සේවක ප්‍රේෂණ වාර්ෂිකව USD7 බිලියන (පූර්ව Covid) සිට USD24 දක්වා වැඩි කරන්න.
6)සෘජු විදේශ ආයෝජන වැඩි කරන්න.
7)ICT ඉපැයීම් වලින් USD බිලියන 5ක් උපයන්න.
8)ඩොලර් බිලියන 2ක් උපයා ගැනීමට අඩු වියදම් ගුවන් සේවා මධ්‍යස්ථාන පිහිටුවීම.
9)පොල් වලින් USD මිලියන 600ක ආදායමක් උපයන්න.
10)USD වලින් පොලී ගෙවීමට බාහිර ගෙවීම් USD වලින් තැන්පත් කළ හැක.
11)නොරොච්චෝලේ සහ සාම්පූර්හි සූර්ය හෝ ගල් අඟුරු මගින් බල ගැන්වෙන නව බලාගාර සඳහා පුද්ගලික අංශයට ආයෝජනය කිරීමට ඉඩ දීමෙන් ඩොලර් බිලියන 1ක් ඉතිරි කරන්න.
12)ඩොලර් මිලියන 200ක් පිටතට ගලායාම ඉතිරි කර ගැනීම සඳහා, පාම් ඔයිල් ගස් සිටුවීමේ තහනම ඉවත් කරන්න.

Similar Posts