pohora

මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිතා කිරීමට ඉන්දියාවේ නැනෝ නයිට්‍රජන් දියර පොහොර පළමු තොගය මෙරටට රැගෙනවිත් තිබේ.

අද (20) අලුයම 12.25ට පමණ යූ.එල් 1156 දරණ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් ඉන්දියාවේ හයිද්‍රාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට දියර පොහොර ලීටර් ලක්ෂයක තොගයක් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ආ බව ගුවන්තොටුපොළ ආරංචි මර්ග සදහන් කරයි.

පොහොර තොගය වත්තල, හුණුපිටිය කළම්බු කොමර්ෂල් පොහොර මධ්‍යම ගබඩාව වෙත රැගෙන ගොස් ඇති බව සඳහන් වේ.

දියර පොහොර තොගය මහ කන්නයේ වී වගාව දැනටමත් ආරම්භ කර ඇති අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවිජන මධ්‍යස්ථාන හරහා ගොවීන්ට ලබා දීම අද සිට සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය.

 

Similar Posts