ජනපති ගෝඨාභය රාජපක්ෂ වාසය කළ ජනපති මන්දිරය මේවනවිට අරගලකරුවන්ගේ නැරඹූම් ස්ථානයක් බවට පත්ව ඇති අයුරු අද දින විදෙස් වාර්තා ගණනාවකින් පෙන්නුම් කෙරිණි. සෙනසුරාදා ජන අරගලය ජනපති මන්දිරය අත්පත් කරගත් පසු මේ වනවිට එම ස්තානයට කැමති කෙනෙකුට ගොස් බලන්නට හැකි ස්ථානයක් බවට පත්කර ඇත.

ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාමරය, කායවර්ධන මධ්‍යස්ථානය, ක්‍රීඩාංගණය, පිහිනුම් තටාකය සහ රැස්වීම් ශාලාව ආදියට එහිදී ජනතාවගේ දැඩි අවධානයට යොමුවූ අතර ඇතැමුන් කායවර්ධන මධ්‍යස්ථානයේ, ක්‍රීඩාංගණය සහ පිහිනුම් තටාකයේ ක්‍රියාකාරකම්වල යෙදී සිටි ආකාරය ද දැකගත හැකිවිය.

 

Similar Posts