පරාක්‍රම සමුද්‍ර වැව් බැම්මේ ඇවිදින මං තීරු ඉදි කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් කිසියම් පිරිසක් මහා සංඝ රත්නය භේද බින්න කිරීමේ නිර්ලජ්ජී කටයුත්තක නියැලී සිටින බවත් කුමන ආකාරයකින් හෝ එවැනි භේද බින්නතා ඇති කිරීමට ඉඩ නොතබන බවත් පරාක්‍රම සමුද්‍ර බැම්මේ ඇවිදින මං තීරු ජනාධිපතිවරයා පැමිණ කරන්නට  අවසර ඉල්ලුවත් කිසිම කෙනෙකුට වැවට හෝ වැව් බැම්මට ඒ වෙනුවෙන් අත තැබීමට නොදෙන බවත් පරාක්‍රම සමුද්‍රය සු‍රැකීමේ සංවිධානය කියයි.

එහි ප්‍රධාන අනුශාසක උතුරු මැද පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක හා පොලොන්නරුව දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මහා ලේඛකාධිකාරි කදුරුවෙල ජයන්ති විහාරාධිපති පූජ්‍ය කදුරුවෙල ධම්මපාල නාහිමිපාණන්වහන්සේ මේ බව ඊයී (31) දහවල් පරාක්‍රම සමුද්‍ර වැව් බැම්මේ පත්තිනි දේවාලය අසල දී පැවසූහ.

ඊයේ දහවල් 12.30 ට පමණ උන් වහන්සේලා වැඩම කළ අතර එහි දී භික්ෂූන් වහන්සේලා සහ ගොවි සංවිධාන නියෝජිතයින් සිවිල් සංවිධාන ක්‍රියාකාරින් පිරිස ඉවත් කිරීම සදහා පොලොන්නරුව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති මු.පො.ප.ආලෝක බණ්ඩාර මහතා ඇතුළු පොලි නිලධාරින් 20ක් පමණ පැමිණ සිටිය හ.

උන් වහන්සේ ඒ බව පැවසුවේ ඊයේ (31) කිසියම් කුමන්ත්‍රණකාරින් පිරිසක් මහානායක ස්වාමීන් වහන්සේ හෝ අනුනායක ස්වාමීන්වහන්සේ හෝ ජ්‍යෙශ්ඨ ස්වාමීන් වහන්සේ වැව් බැම්මට වඩම්මවා මෙම ව්‍යාපෘතියට ආශිර්වාද කිරීමේ සූදානමක් පිළිබදව තොරතුරු සොයා බැලීමට එම ස්ථානයට වැඩම කළ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.එහි දී උන්වහන්සේ මෙසේද පැවසූ හ.

“අපි පක්ෂ පාට භ්හෙදයකින් තොරව පරාක්‍රම සමුද්‍රය බේරා ගැනීම වෙනුවෙන් දිස්ත්‍රික්කයේ භික්ෂූන් වහන්සීලා පෙරමුණ අරගෙන තිබෙනවා.කිසි කෙනෙකුට වැව් බැම්මේ ඔය මං තීරු ඉදි කරන්න දෙන්නේ නැ.දැන් අද ආරංචියක් ආවා මහානායක් ස්වාමීන් වහන්සී හරි ජ්‍යෙෂ්ඨ ස්වාමීන් වහන්සේලා නොමග යවලා වඩම්මලා මේ වැඩේට ආශිර්වාද ගන්න  කියලා.මේ හදන්නේ සංඝ භේදයක් ඇති කරන්න.

මහානායක ස්වාමින් වහන්සේ හරි ජ්‍යෙශ්ඨ ස්වාමින් වහන්සේ හරි හැම දාම පොලොන්නරුව නියෝජනය කළා.උන්වහන්සේලා වඩින එක හොදයි.පැහැදිලිවම මෙ කරන විනාශය දැකලා උන්වහන්සේලා පැහැදිලි තීරණයක් ගනියි.අපි උන්වහන්සේලාගේ අවවාද අනුශාශනා හිස් මුදුනින් පිළිගන්නවා.උන්වහන්සේලා මුලා කරලා නොමග යවලා මේ වගේ වැඩක් කරන්න ගියොත් අපි කිසි සේත් ම ඒක කරන්න දෙන්නේ නැ.මේ පරාක්‍රම සමුද්‍රය කියන්නේ.අපේ හදවත ගොවිජනතාවගේ හදවත.පොලොන්නරුවේ මේ වැවෙන් තමයි කුඩා කාලේ ඉදලා අපි බත් කාලා හැදුනේ.

අපේ වැව විනාශ කරන්න එක එක කුමන්ත්‍රණ කාරයන්ට ඉඩ දෙන්නේ නැ.ඊයේ මට කතා කළා මේකේ 1978 සුළි සුළං කාලේ හිටිය ඉන්ජිනේරු මහතයා ඩබ්.ජී.එස්.ගුණවර්ධන මහත්තයා.එතුමා කම්පා වෙනවා.මේ අපේ වැව පහුරු ගානවා දැකලා.එතුමා කිව්වා පොලොන්නරුවේ මිනිස්සු ඉන්නවනම් ඔක කරන්න දෙන්න එපා කියලා.එදා මිනිස්සු 4500ක් යොදලා මහා කලු ගල් කුට්ටි බැම්මේ රළපනාවට දැම්මේ නැත්තන් වැව කැඩෙනවා ඒක වලක්වන්න හැමෝම කැපවෙලා වැඩ කළා කියලා.සමහර කාලවල මේ ‍තෝපාවැව කොටසේ ‍රැල්ල අඩි 8ක් විතර ඉහළට ඉස්සිලා වැව් බැම්මට වතුර ගහනවා කිව්වා.

ඒක බැම්මෙන් මෙහා පැත්තටම වදිනවා කිව්වා.එතුමාත් මට තව ඉන්ජිනෙරු මහත්තයෙක් කතා කළා එතුමන්ලා ලංකාව හැර ගිහින් කල කිරිලා.මේක විනාශ වෙනවා ට කවුරුවත් කැමති නැ.අපි කියන්නේ මේ වැඩේ වෙනත් මුහුණුවරවලින් එන්න ඔන නැ.අපි මේකට විරුද්ධයි.අපේ ගොවි සංවිධාන සියලු දෙනා විරුද්ධයි.දැන් මේ ගල්වපු කොටස හදන්න.හෙට අනිද්දා වැස්ස පටන් ගන්නවා.ඊට කලින් තිබුණු විදිහට හදන්න.”

මෙහි දී වැඩි තවත් භික්ෂුන් වහන්සේ කිහිපනමක් ම අදහස් පල කළ හ.පරාක්‍රම සමුද්‍ර ව්‍යපාර ගොවි සංවිධානයේත් පොලොන්නරුව දිස්ත්‍රික් ව්‍යාපාර ගොවි සංවිධානයේත් සභාපති ජගත් අරුණ කීර්ති මහතා සහ ගොවි නියෝජිතයන් කිහිපපලක් ම අදහස් දැක්වූ හ.පින්තුරවල දැක්වෙන්නේ එහි අවස්ථා කිහිපයකි.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

Similar Posts