chamal-rajapaksha

හාල් වෙනුවට මුං ඇට, කවුපි, මඤ්ඤොක්කා වැනි දේ ආහාරයට ගැනීම සුදුසු බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

රටේ ආහාර හිඟයක් ඇති වේ දැයි, පසුගියදා මහනුවරදී මාධ්‍යවේදීහු අමාත්‍යවරයාගන් විමසා සිටියහ.

”හාල් හිඟයක් මන් හිතන්නේ දැනුත් තියෙනවා. කොච්චර කෑගැහුවත්. ඇයි ඉතින් හාල් නැතෙයි කියනවා. හාල් මිල ඉහළ යනවා කියන්නේ හාල් හිඟයක් තියෙනවා. නමුත් මම හිතන්නේ නෑ ඒක එහෙම වෙයි කියලා”

තව ද රට තුළ හාල් හිඟ වුවද ගම්වල මඤ්ඤොක්කා මෙන්ම මුං ඇට, කවුපි වැනි ධාන්‍ය වර්ගද ඕනෑතම් තිබෙන බව අමාත්‍යවරයා කියා සිටියේ ය.

Similar Posts