poya

භික්ෂූණි ශාසනය ආරම්භවීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ බිනර පුන් පොහෝ දිනය අදට යෙදී තිබේ.

ලොවපුරා බෞද්ධ ජනතාව අද (01) ඒ වෙනුවෙන් දිනය පුරා ආමිස හා ප්‍රතිපත්ති පූජාවල නිරත වේ.

බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වැඩවසන සමයේ මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු 500කු කුල කාන්තාවන් තෙවන වරටත් පැමිණ පැවිදි වන්නට අවසර ඉල්ලා සිටියේ අද වැනි පුර පසළොස්වක දිනකයිදීයි.

එහිදී ආනන්ද තෙරුන් වහන්සේගේ මැදිහත්වීම මත බුදුන්වහන්සේ විසින් භික්ෂුණීන් පිළිපැදිය යුතු ගරු ධර්ම අටක් පනවමින් ඊට අවසර ලබාදුන්නේ ය.

වස් වැසීමේ යෙදී සිටින භික්ෂුන් වහන්සේ ආරාමවලින්, ලෙන්වලින්, වනසෙනසුන්වලින් බැහැර නොගොස් ශාසනික, භාෂාමය හා සාහිත්‍යමය වශයෙන් විශාල මෙහෙවරක් මේ කාලසීමාව තුළ සිදුකරනු ලබයි.

සද්ධර්මරත්නාවලිය, පූජාවලිය, සද්ධර්මාලංකාරය, ජාතක පොත් වහන්සේ වැනි සම්භාව්‍ය ගණයට ගැනෙන ධර්ම ග්‍රන්ථ රැසක් බිනර මාසයේ ලියවුණ බව ශාසන ඉතිහාසයේ සඳහන් ය.

Similar Posts