gotabaya

කාබනික පොහොර ප්‍රචලිත කිරීමේ දැඩි තීරණයේ දී ඡන්දය අමතක කොට ගොවීන්ට ප්‍රමුඛත්වය දුන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ උඩුබද්දාව, බුන්නැහැපොල කාබනික පොහොර සැකසුම් මධ්‍යස්ථානය හා කාබනික වගා බිම නිරීක්ෂණයට එක්වෙමිනි.

මෙහි ගැඩවිල් පණුවන් යොදා ගනිමින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කෙරෙන අතර මාසයකට නිපදවන පොහොර ප්‍රමාණය ටොන් 12 කි.

අක්කර 13 ක පොල් ඉඩමක ගස්ලබු ,කෙසෙල්, පැෂන් ෆෘට් වැනි පලතුරු සහ ගෝවා, බීට්, වටානා වැනි එළවළු සමග ආදර්ශ වී වගාවක් සඳහා මෙම පොහොර භාවිත කෙරේ.

පොහොර සැකසුම් මධ්‍යස්ථානය හා වගා බිම නිරීක්ෂණය කිරීමෙන් පසු ජනාධිපතිවරයා සඳහන් කළේ, රසායනික පොහොර ඉල්ලන පුද්ගලයින් ම අනෙක් පසින් වකුගඩු ඉල්ලන බවයි.

ඉදිරි පරම්පරාව වෙනුවෙන් වෙනසක් සිදු කිරීමට අවශ්‍ය බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ ය.

”මම විශ්වාස කරන්නේ මාව පත් කළේ, මේ නිකං පරිප්පුවල ගාන බලන්නයි හාල්වල ගාන බලන්නයිනම් මට මාව වැඩක් නැහැ. නමුත් ඊට වඩා වෙනසක් මේ රටේ කරන්න. ගොවියන්ව උසු ගන්නවලා දැන් කියනවා රසායනික පොහොර දෙන්න කියලා.

හැබැයි එහෙම රසායනික පොහොර ඉල්ලන එක්කෙනා මේ පැත්තෙන් ඉල්ලන්න ඕන වකුගඩුවක්. පොලොන්නරුවේ විශාල වකුගඩු වෙනුවෙන්ම රෝහලක් ඇතිකරා චීනයෙන්. ඒකද අපි කරන්න ඕන. නැහැ අපි මේක ඉදිරි පරම්පරාව වෙනුවෙන් අපි මේ කාර්යය කරන්නට ඕන මේක වෙනසක් කරන්නට ඕන”

දේශපාලන වාසි නොසලකා අසීරු දේ ක්‍රියාත්මක කිරීමට තමන් සූදානම් බව ද ජනාධිපතිවයා එහිදී සඳහන් කළේ ය.

ජනාධිපතිවරයා පවසන්නේ, තමන්ගේ අවශ්‍යතාව ඡන්ද නොව රටට ජනතාවට සහ ඉදිරි පරම්පරාවට හොඳ දෙයක් කිරීම බවයි.

තව ද ඡන්ද අහිමි වෙතැයි, යන බියෙන් දේශපාලනය කර පැමිණි නායකයින් මෙවැනි දේට අත නොගසන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

”කනගාටුයි කියන්න දේශපාලනය කරලා ආපු නායකයෙක් මේකට අතගහන්නේ නැහැ. ඇයි? ජන්ද නැති වෙයි කියලා මම බය නැතුව කියනවා. මට ඡන්ද නෙමෙයි ඕන. මට ඕන රටට ජනතාවට ඉදිරි පරම්පරාවට හොඳ දෙයක් කරන්න.

අවුරුදු දහස් ගාණක් අපි යූරියා ගැහුවේ නැහැ නේ. මේ 70 ගණන්වල තමයි අපි යූරියා ගෙනාවේ ඊට ඉස්සරවෙලා මම දැකලා තිබෙනවා. මගේ අම්මලා තාත්තලා වගා කරපු හැටි යූරියා ගැහුවේ නැහැ. පරිසරයත් හොඳයි වතුරත් හොඳයි. හොඳ අස්වැන්නත් හොඳයි”

Similar Posts