මාකඳුරේ මධුෂ් අනාවරණය කළ බව කියන තොරතුරකට අනුව දෙමටගොඩ, ඇපල් වත්තේ, ලක්ෂිත සෙවන මහල් නිවාස සංකිර්ණයේ සඟවා තිබු මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට ගිය අවස්ථාවේ පාතාල සාමාජිකයින් පිරිසක් ඒල්ල කළ වෙඩි පහරකින් මාකඳුරේ මධුෂ් ඝාතනය වු බව පොලිසිය ප්‍රකාශ කර සිටියේ අද (20) අලුයමය.

ඝාතකයින් පැමිණි යතුරු පැදියක් හා ගිනි අවියක් සොයා ගැනීමටද කොළඹ අපරාධ කොට්ඨාශය සමත් වී තිබු අතර නිවාස සංකීර්ණයේ සඟවා තිබු හෙරොයින් කිලෝ 22 ක් සොයා ගත් බවද පොලිසිය ප්‍රකාශ කර තිබුණි.

උප්පැන්න සහතිකයට අනුව ඔහුගේ නම සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිතය. පදිංචිය කඹුරුපිටිය, ගතාර, සමරගිර ලිපිනයේය. මධුෂ් ලක්ෂිත කියු සැණින් රට්ටුන්ට ඔහුගේ වගතුගවත්, රූපකායවත් සිහියට නැඟෙන්නේ නැත.

ඒහෙත් මාකඳුරේ මධුෂ් යැයි පැවසුවහොත් නම් ඔහු ගැන නොදන්නා කෙනෙක් නැත. ඒ් ඔහු කාලයක් පුරා පාතාලයේ ගොඩ් පාදර් වු බැවිනි. කඹුරුපිටියේ උපන් මධුෂ් මාකඳුරේ මධුෂ් බවට පත් වුයේ මාකඳුරෙන් පෙළවහක් කරගෙන ඒහි බින්න බැස පාතාලයට සම්බන්ධ වීම නිසාය.

සිය මව හා සොහොයුරා අකාලයේ ඝාතනය වීමත් සමඟ  2006  වසරේ දී හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රිවරයෙකු වු ඩැනී හිත්තැටිය මහතා ඝාතනය කිරිමෙන් පාතාලයට පය තැබු මාකඳුරේ මධුෂ් ඒතැන් සිට පාතාලයේ නායකයා වන්නට සිදු නොකළ දෙයක් නැත. ඝාතන හා මත්ද්‍රව්‍ය ජාවාරම් රැසක් මෙහෙයවු ඔහු මෙරට දේශපාලඥයින් රැසකට දේශපාලන වේදිකාව තනා දෙන්නට කටයුතු කළ අයෙක් විය.

මෙරටින් පලා ගොස් ඒක්සත් ඒමීර් රාජ්‍යයේ ඩුබායි රැඳී සිටි මාකඳුරේ මධුෂ්ව ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුයේ 2019 පෙබරවාරි 05 වෙනිදාය. ඒ් ඔහු විසින් පැවැත්වු සාදයක් අතරතුරදීය. මෙරටින් කරන ලද ඉල්ලීම් වලට අනුව ඩුබායි රාජ්‍යයෙන් ඔහුව මෙරටට පිටුවහල් කිරිමට කටයුතු කළ අතර 2019 මැයි 05 දා මෙරටට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් පැමිණි විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලදි.

ඒතැන් පටන් ඔහු වසර ඒක හමාරකට අධික කාලයක් සිටියේ රැඳවුම් නියෝග මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේය. ඒහි සිටියදි පවා ඔහුව බැලීමට පොලිසියේ උසස් නිලධාරීන් කිහිප දෙනෙකුම ගොස් තිබු අයුරු පහුගිය කාලයේ මාධ්‍ය වාර්තා කර තිබුණි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි මාකඳුරේ මධුෂ්ව පහුගිය ඔක්තෝම්බර් 16 වෙනිදා කොළඹ අපරාධ කොට්ඨාශයට භාර දුන්නේ වැඩිදුර විමර්ශන වලට බව පවසමිනි. ඒදිනම ඔහුගෙන් හෙළි වු තොරතුරක් මත යැයි පවසමින් රුපියල් කෝටි 10 ක පමණ හෙරොයින් තොගයක් කොටිකාවත්තෙන් සොයා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශ නිලධාරින් සමත් වී තිබුණි.

කෙසේ නමුදු මාකඳුරේ මධුෂ් මෙලෙස ඝාතනය වීම පිලිබඳ ඇත්තේ ගැටලු රැසකි. ඔහු වසරකට වැඩි කාලයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සිටියදි හෙළි කළ තොරතුරු මෙතෙක් අනාවරණය වුයේ නැත. ඔහු ඒහිදි ඔහු විසින් උදව් කළ, ඔහුගෙන් උදව් ගත්  විවිධ දේශපාලඥයින්ගේ, පොලිස් ප්‍රධානීන්ගේ නම් ප්‍රකාශ කර තිබුණද කිසිවිටෙකත් ඒ්වා හෙළිදරව් වුයේ නැත. ඒසේනම් ඔහු වසරකට අධික කාලයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සිටින්නට ඇත්තේ ගොලුවෙකු සේ විය හැකිය.

ඒසේ ගොලු වී සිටි මාකඳුරේ මධුෂ් අපරාධ කොට්ඨාශයට පහුගිය 16 දා භාර දීමත් සමඟ කථා කර ඇති බව පැහැදිලි වන්නේ ඔහු කොටිකාවත්තේ මත්ද්‍රව්‍ය තොගයක් පිලිබඳ තොරතුරක් ලබා දී ඇති බව පොලිසිය පැවසීම නිසාය. කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණිමෙන් පසු ඔහු ගිරවෙකු මෙන් කථා කිරිමට පියවර ගෙන ඇති බව පෙනී යන්නේ අද උදෑසන ද ඔහු ලබා දුන් තොරතුරක් මත යැයි පවසා මත්ද්‍රව්‍ය වැටලීමකට පොලිසිය ගිය බැවිනි. නමුත් මෙහිදි අපරාධ කොට්ඨාශ නිලධාරීන් පාතාලයේ ගොඩ් පාදර් ලෙස සැලකූ මාකඳුරේ මධුෂ්ව ලක්ෂිත සෙවනට රැගෙන ගොස් ඇත්තේ අනාරක්ෂිතවය. මෙවන් පාතාලයෙකුට විරුද්ධ පාතාල පාර්ශවයේ තර්ජන ඇති බව ඔ්නෑම අයෙක් දනිති. ඒහෙත් පොලිසිය මෙහිදි මාකඳුරේ මධුෂ්ව ගෙන ගොස් ඇත්තේ අවදානම දැන දැනම ඔහුගේ ජිවිතේ අනතුරේ හෙළිමට බව පෙනී යයි.

පොලිසිය පවසන ආකාරයට ඔහුගෙන් වැදගත් තොරතුරු අනාවරණ වෙමින් තිබුණා නම් ඔහුගේ ජිවිතය ආරක්ෂා කර තවදුරටත් තොරතුරු හෙළිකර ගැනීමට තිබුණි. නමුත් ඒසේ වුයේ නැත.

ගත වු මාස හයක කාලය තුල පොලිසියේ වෙඩි තැබීම් වලින් පුද්ගලයින් 06 කු ජිවිතක්ෂයට පත් වුයේද මෙලෙසමය. මේ හත් වෙනි ඝාතනය යැයි කීවාට වරදක් නැත. අපරාධකුරුවෙකු වුවත් ඔහුගේ ජිවිතය උදුරා ගැනීමට කිසිවෙකුටත් අයිතියක් නොමැත.

මාකඳුරේ මධුෂ් මෙලෙස ඝාතනය වීම නිසා ඔහු සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඇති ලිපි ගොනුව තවත් දින කිහිපයකින් වැසී යනු ඇත. ඒහිදි ඔහු අනාවරණය කළ මෙරට ඉහළ පෙළේ මැති ඇමතිවරුන්ගේ, පොලිස් ප්‍රධානීන්ගේද නම් වැසී යනු නොඅනුමානය.

ශානිකා

Similar Posts