cyber

පොලීස් නිළ වෙබ් අඩවිය ඇතුළු රාජ්‍ය වෙබ් අඩවි පහකට එල්ලවූ සයිබර් ප්‍රහාර මාලාවක් සම්බන්ධයෙන් තොරතුරු ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

එහි සභාපති රජීව් යසිරු කුරුවිටගේ මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙහි නිෂ්කාශන සහතික අන්තර්ජාලය හරහා ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීස් නිළ වෙබ් අඩවිය යටතේ හදුන්වාදී තිබූ වෙබ් අඩවියක්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිළ වෙබ් අඩවිය, ලංකා විදුලිබල මණ්ඩලයට අයත් නිළ වෙබ් අඩවිය, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ නිළ වෙබ් අඩවිය, දකුණු පළාත් ධීවර, සත්ව නිෂ්පාදන හා සංවර්ධන, පාරිසරික කටයුතු, ග්‍රාමීය කර්මාන්ත, විදුලිබල, ග්‍රාමීය හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය යන වෙබ් අඩවි කිහිපය මේ වසරේදී වරින් වර තුර්කි සයිබර් ප්‍රහාරකයන් කණ්ඩායමකගේ සයිබර් ප්‍රහාරයන්ට නතුවී ඇති බවට සදහන් වේ.

තවද පසුගිය 18 වනදා Tamil Eelam Cyber Force නම් කණ්ඩායම විසින් ශ්‍රී ලාංකික රාජ්‍ය වෙබ් අඩවි ඉලක්ක කොටගෙන සිදුකරන ලද සයිබර් ප්‍රහාර මාලාවට මෙම තුර්කි සයිබර් ප්‍රහාරක කණ්ඩායමේ හවුල් වීමක් සිදුව ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සැක පල කරනු ලබයි.

Similar Posts