Zaporizhzhia

යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික විදුලි බලාගාරයට රුසියානු හමුදාවෙන් එල්ලවූ බර අවි ප්‍රහාරයක් හේතුවෙන් ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

මෙලෙස රුසියානු ප්‍රහාරයට ලක්ව ඇත්තේ යුක්රේනයේ පිහිටි Zaporizhzhia නම් වූ න්‍යෂ්ටික විදුලි බලාගාරයයි. විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ පිපිරීමක් සමග ඇතිවූ ගින්නත් සමග න්‍යෂ්ටික විදුලි බලාගාරය ආසන්න ප්‍රදේශයේ විකිරණ මට්ටම ඉහළ ගොස් ඇති බවයි.

න්‍යෂ්ටික විදුලි බලාගාරයේ සවිකර ඇති සජීවී කැමරා පද්ධතියේ දර්ශන අනුව එහි ගොඩනැගිලි වලට වෙඩි ප්‍රහාර එල්ලවෙන අයුරු සටහන්ව ඇති බවයි.

මෙම බලාගාරයෙන් විකිරණ කාන්දුවක් සිදුවුවහොත්, එය චර්නෝබිල් බලාගාරයේ විකිරණ කාන්දුවට වඩා හතලිස් ගුණයකින් දරුණු වේවි යැයි විද්‍යාඥයෝ බිය පළ කරති. චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරය ඇත්තේ යුක්රේනයේය.

1986 වසරේ අත්හදා බැලීමේ කටයුත්තක් සිදුවෙද්දී චර්නෝබිල් බලාගාරයේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය පුපුරා ගියේය. එයින් සිදුවුණු හානිය යුක්රේනයට පමණක් නොව අසල්වැසි යුරෝපා රටවලටත් බලපෑවේය. මේ වනවිට, බෙලරූසය දෙසින් යුක්රේනයට කඩා වැදුණු රුසියන් හමුදා චර්නෝබිල් බලාගාරය අත්පත් කරගෙන ඇතැයි වාර්තා වේ.

Similar Posts