rathana-himi

අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියන් පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ දේශපාලන බල මණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව තීන්දු කර තිබෙන බව පක්ෂයේ ජාතික සංවිධායක ආචාර්ය සුසන්ත කොඩිතුවක්කු පැවසීය.

පක්ෂයේ විනය මණ්ඩලය විසින් චෝදනා හතරකට වැරැදිකරු කරමින් රතන හිමියන් පක්ෂයෙන් නෙරපීම සඳහා නිර්දේශ කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බව ඔහු පැවසීය.

මහා මැතිවරණයේදී පළමු වරට තරඟවැදුණු අපේ ජන බල පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රීධූරයක් හිමිවුණා. එහෙත් එම මන්ත්‍රීධූරය සම්පූර්ණ කිරීමට සැලකිය යුතු කාලයක් ගතවූයේ පත් කරන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මතුවූ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයත් සමඟයි.

ඒ අනුව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් එම මන්ත්‍රී ධූරයට පසුව පත් කෙරුණා.

රතන හිමියන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය අහෝසි කිරීම පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව සහ පාර්ලිමේන්තු මහලේකම්වරයා දැනුවත් කර ඇති බවද ජාතික සංවිධායකවරයා පැවසීය.

මෙම තීරණය ඇතුළත් ලිපිය එම පක්ෂය විසින් ඊයේ (15 ) මැතිවරණ කොමිෂන් සභාවට භාර දී ඇත.

Similar Posts