තමාගේම මිතුරකු වන ලොහාන් රත්වත්ත දුරකථනයෙන් සිය බිරිඳ අමතා මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් තර්ජනය කල බවත්, සිය දරුවන් දෙදෙනාටද තර්ජනය එල්ල කල බවත්, සජින් වාස් ගුණවර්ධන මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් ඊයේ (05) දින ප්‍රකාශ කළේය.

මෙහිදී සජින් වාස් මහතා ප්‍රකාශ කලේ තමන් රාජපක්ෂලාට බය නැති බවත්, වසර 17ක් තිස්සේ ඔවුන් දන්නා තමන් ඔවුන්ගේ සියලු දේ දන්නා බවත් අවශ්‍ය නම් ඒවා හෙළි කිරීමටත් සූදානම් බව ඔහු ප්‍රකාශ කරන ලදී. එමෙන්ම වසර 17ක් තිස්සේ රාජපක්ෂලාට වන්දිභට්ටකම් කිරීමට තමාට සිදු වූ බවත් තමා තවදුරටත් එසේ කිරීමට සූදානම් නැති බවත්  ස්වාධීනව මගේ මතය අනුව ඉදිරියට දේශපාලනය කරන බවත් ඒ මහතා ප්‍රකාශ කරන ලදී.

මේ පිළිබඳව බිරිඳ විසින් තමාට දැන්වූ පසු තමන් ලොහාන් රත්වත්ත මහතාට දුරකථනයෙන් කතා කල බවත් එහිදී එසේ තර්ජනය කල බව පිළිගත් ලොහාන් රත්වත්ත තමාටද තර්ජනය කල බවත් ප්‍රකාශ කරන ලදි. එකී සංවාදයේ හඩ පටයක්ද මෙහිදී සජින් වාස් මහතා මාධ්‍යයට ඉදිරිපත් කරන ලදී.

Similar Posts