අගමැති මහින්ද රාජපක්ෂද  ඔහුගේ සොහොයුරා වන ජනාධිපති ගෝඨාභය මෙන්ම ඉල්ලා අස්විය යුතු බවට කරන ලද ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබේ. පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු  “අන්තර්වාර ආණ්ඩුවක් අවශ්‍ය නම් එය සිදු විය යුත්තේ මගේ නායකත්වය යටතේ පමණක්” යැයි  අඩි හප්පා ප්‍රකාශ කළේය.

සාධාරණ හේතූන් උඩ කෝපයට පත්ව විරෝධතාවයේ යෙදෙන මහ ජනතාවට දැන් රාජපක්ෂ සාමකාමි ලෙස ධුරයෙන් එළියට ඇද දැමීම සඳහා තෝරා ගැනීම් ඉතිරිව නැති තරම්ය.

විශ්වවිද්‍යාල සිසුන් ඔහු කනෙන් ඇදගෙන යන බවට තර්ජනය කරමින් ඔහුගේ නිවස වට කළහ. ප්‍රධාන බෞද්ධ නිකායන්හි මහ නාහිමිවරුන් කියා සිටියේ අන්තර් වාර ආණ්ඩුවක් අවශ්‍ය බවය. එවැන්නක් අගමැති සහ ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමෙන් තොරව සිදු විය ‌ නොහැකිය.

පුනරුත්පත්තිය ලැබූ සිංහල රාජෝත්තමයකු ලෙස තිබූ මහත් කීර්තිය වෙනුවට, මහින්ද රාජපක්ෂ දැන් දොට්ට දැමූවකුගේ සෙවනැල්ලක් බවට පත්ව තිබේ; අද ඔහු මුගාබේ, මුබාරක්, චෞචෙස්කු, හෝ ගඩාෆි වැනි පොළවේ යථාර්ථයෙන් වියෝ වූ, වයස්ගත වූ ප්‍රබලයෙක් ලෙසින් නින්දා සහගත එළවා දැමීමක අවදානමකට පත්කර ගනිමින් සිටින්නේ තමන් විසින්මය.

මරා වර්ගයේ දේශපාලන නායකයින්ට ජාතියට තමන්ට ඇති හිමිකම පිළිබඳ පුම්බා ගත් හැඟීමක් ඇත. ඔවුන් රට අයිති තමන්ට යැයි සිතති. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තනතුරෙහිම මිය ගොස් ඇත්තේ, බොහෝ විට එම මංගල්‍ය සඳහා පුහුණු කරන ලද තම දරුවන්ට රජයේ නායකත්වය දායාද කරති

මරා ජනාධිපති ධූරයෙහි බොහෝ වැරදි තීරණ පැන නැගුණේ ඉහත කී උද්දච්ච මානසික තත්ත්වය නිසාය. ආයෝජනයන්ට සීමිත ප්‍රතිලාභ ඇති ව්‍යාපෘති සඳහා ඔහුගේ රජ දහන වූ හම්බන්තොට ආයෝජනය කර ඇති ඩොලර් බිලියන ගණන සලකා බලන්න. ඒවා මහජන මුදලින් ගෙවන ලද ඔහුගේ රාජවංශ ව්‍යාපෘතියේ පියවරයන්ය.

මරා ගේ සහපිරිවරට ඉඩ සැලසීම සඳහා මගීන් සිය ගණනක් ගුවන් යානයෙන් බැස්සවීම ගුවන් සේවා කළමනාකාරීත්වය විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහු එමිරේට්ස් කළමනාකරනයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය යළි පවරා ගැනීම සලකා බලන්න. ඉන් පසුව, ඔහු ජාතික ගුවන් සේවයේ ඉහළම කළමනාකාරිත්වය සිය බිරිඳගේ සහෝදරයෙකුට භාර දුන් අතර ඔවුහු එය බිමටම සමතලා කළහ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වැනි සංශෝධනය, ජනාධිපති වාර සීමාවන් ඉවත් කර ශ්‍රේෂ්ඨාධිකරණය සහ අනෙකුත් ස්වාධීන ආයතන ගෘහාශ්‍රිතකරණය කිරීම යනාදිය ද එම මානසික උද්දච්ච භාවයේම දිගුවකි.

හිර වී ඇත්තේ මරා පමණක් නොවේ. දැන් නටබුන් වෙමින් පවතින්නේ ‘මහින්ද රාජපක්ෂ’ ඉතා සූක්ෂම ලෙස නිර්මාණය කළ පූර්ණ රාජවංශික රාජපක්ෂ ව්‍යාපෘතියයි.

රාජපක්ෂ පමණක් නොවේ; මුබාරක්, ගඩාෆි, සුහර්තෝ යනාදීන්ද සිංහාසනය උරුම කර ගැනීම සඳහා ඔවුන්ගේ දරුවන් පුහුණු කර ගත්තේය. එනමුත් හොඳ කාලය අවසන් වූ විට, ඔවුන් සඳහා ලැබුණේ ඉරණම් සහගත වූයේ වෙනස් කැඳවීමකි. තුන් වන ලෝකයේ දේශපාලනික සුජාත බවක් නැති ඒකාධිපතියන් සිතන්නේ සහ හැසිරෙන්නේ එකම ආකාරයට ය. එසේම, ඔවුන් ජනප්‍රියත්වයෙන් පල්ලම් බසින විට, ඔවුන් සියල්ලන්ම ඇද වැටෙන්නේ දරුණු ප්‍රපාතයකට ය. බොහෝ විට මාරාන්තික වළ පල්ලකටය.

ඇත්ත වශයෙන්ම, දූෂණය සහ බලය අයුතු ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් මතු විය හැකි හැකි නීතිමය ක්‍රියාමාර්ග ගැන ද රාජපක්ෂලා සැලකිලිමත්ය. අද නැගී එන මහජන ව්‍යාපාරයේ ස්වභාවය අනුව පෙර අවස්ථා වලට වඩා මෙවර නීතිමය ක්‍රියාමාර්ග සැබෑවක් වනු ඇතයි විශ්වාස කිරීමට හේතු තිබේ.

පසුගිය අවස්ථා වලදී මහජන මුදල් කොල්ලකෑම සඳහා තම සහපිරිවරට යම් තරමක මුක්තියක් ලබා දීමට එම පැරණි දේශපාලන පන්තිය තීරණ ගත්තේය. දූෂණයෙහි කර වටක් තෙක් එරී සිටි ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකට ම එවැනි තත්වයන් මහෝපකාරී විය. රාජපක්ෂලා වගකීමට හසු කර ගැනීමට යහපාලනය දැක්වූ අකමැත්ත එවැනි එක් නිදසුනකි. කිසිම ආණ්ඩුවක ප්‍රධානීන් ඉලක්ක කර නොගැනීමට නිල නොවන අවබෝධයක් ඒම පක්ෂ දෙක අතර තිබුණි.
සහමුලින්ම වෙනස් දෙයක්

ගාලු මුවදොර කඳවුරු බැද සිටින දහස් ගණනක් හෝ රට පුරා වීදි බසින ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් හෝ ක්‍රියාකාරියන් හෝ නොවේ. ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය විසින් සාම්ප්‍රදායික පක්ෂ-දේශපාලන ක්‍රියාකාරීත්වය මෙතෙක් අල්ලා ගෙන සිටි මුල් පුටුවෙන් පහ කළ තරමට ම වාගේ මහජනතාව බල ගන්වා ද ඇත. නව ජනතා දේශපාලන ක්‍රියාකාරීත්වය අනුව, සිදු විය හැකි නීතිමය ක්‍රියාමාර්ග ගැන රාජපක්ෂලා කනස්සල්ලට පත්වීම නිවැරදි ය. මේ සිදු වන්නේ හැමදාම සිදු වූ දේශපාලන ජාවාරමට සහමුලින්ම වෙනස් දෙයකි.

කෙසේ වෙතත්, වඩ වඩාත් නිර්පාක්ෂික මහජන විරෝධතා රාජපක්ෂවරුන් පමණක් නොව, ජාතියේ වත්මන් ආර්ථික හා දේශපාලන ව්‍යාධියට වගකිව යුතු දූෂිත, ඥාති සංග්‍රහ යනාදිය සඳහා වග කිව යුතු යැයි ඔවුන් සලකන සමස්ත දේශපාලන සංස්ථාපිතයම ප්‍රතික්ෂේප කරයි.

රාජපක්ෂ සහෝදරයන් වෙනුවට පත්වන ඕනෑම අන්තර්වාර ආණ්ඩුවකට විශාල මහජන විරෝධයක් ජනිත නොකර මෙම ඉල්ලීම් නොසලකා හැරීම දුෂ්කර වනු ඇත

කෙසේ වෙතත්, අග්‍රාමාත්‍යවරයාගේ මුරණ්ඩු ප්‍රතික්ෂේප කිරීම මහජන කෝපය අවුස්සනවා පමණක් නොව, ඉල්ලා අස්වීමෙන් පසු ඔහුගේ ජීවිතය වඩාත් දුෂ්කර කරයි. කෙසේ වෙතත්, විරෝධතාකරුවන්ට එරෙහිව ආරක්ෂක අංශ හෝ පොලිසිය මුදා නොහැරීම වැනි යම් යම් තීන්දු තීරණ රාජපක්ෂවරුන් විසින්ම ගෙන ඇති බව පෙනේ. එය ලොව පුරා සිටින ඔවුන්ගේ සම වයස් මිතුරන් බොහෝ දෙනෙකු නොසලකා හරින ලද දෙයකි. එවනි තත්වයන් හිදී රාජ්‍යයට සහ එහි ම්ලේච්ඡ යන්ත්‍රයට එරෙහිව මහජනතාව වඩා විය. එවැනි මර්දනකාරී පාලකයින් බොහෝ විට නෙරපා හැරුණේ ප්‍රචණ්ඩ ලෙසය.

කෙසේ වෙතත්, මහජන විරෝධතාවලට එරෙහිව රටක නායකයින් සිය ධුරයන්හි දිගටම රැඳී සිටීමෙන් සිදුවන හානිය රාජපක්ෂ මහත්වරු නොසලකා හැර ඇත. එවැනි නායකයින් අවසානයේ පහළටම රෑරා යන අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තම ජාතීන්ද ඔවුන් සමඟ රැගෙන වළපල්ලට රැගෙන යති.

රංග ජයසූරිය විසිනි.

රංග ජයසූරිය විසින් ඩෙිලි මිරර්පුවත් පතට ලියයන ලද It is not just MR who is in trouble. A full-blown dynastic enterprise is now in ruins ලිපියේ සිංහලානුවාදය ශ්‍රී ලංකා බ්‍රීෆ් විසිනි.

Similar Posts