lawyers

දුම්රිය ප්‍රවේශපත්‍ර දෙකකට රුපියල් 20 ක් වැඩිපුර අය කිරීමට එරෙහිව පැවරූ නඩුවකින් වසර 22 කට පසු ජය ලැබූ පුද්ගලයෙකු පිළිබඳ ඉන්දියාවෙන් වාර්තා වනවා. තුන්ග්නාත් චතුර්වේදී නම් වූ ඔහු නඩු 120 කට පෙනී සිටි නීතීඥවරයෙකු වීමද විශේෂත්වයක්.

මීට අමතරව 1999 යේ සිට 2022 දක්වා ඔහුට වසරකට සියයට 12ක පොළියක් ඇතුලත් වන පරිදි රුපියල් 20 ක මුදල ගෙවන ලෙසටයි නියෝග කර ඇත්තේ. ඔහු පැවරූ නඩුවට නීතීඥවරයෙකු ලෙස ඔහුම පෙනී සිටීම ද විශේෂත්වයක්.

රුපියල් 20 ක් වැනි සුලු මුදලකට නීතීඥවරයෙක් වසර 22 ක් පුරා නඩු කියන්නේ ඇයි ? මෙම පුවත දුටු බොහෝ දෙනෙකු විමසා සිටි කාරණයට පිළිතුරු දෙමින් ඔහු පවසා තිබුණේ වඩා වැදගත් වන්නේ මුදල නොව යුක්තිය සහ දූෂණයට එරෙහි සටන බවයි. තනතුර නිලය කුමක් වුවත් වරදට එරෙහිව ප්‍රශ්ණ කිරීමට මිනිසුන් සූදානම් නම් ඔවුන්ට වැරැද්දෙන් ගැලවිය නොහැකි බව ඔහු පවසා තිබෙනවා.

Similar Posts