sugathadasa

ක‍්‍රීඩා අමාත්‍යාංශය සතු ක‍්‍රීඩාංගන, ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු සතු ක‍්‍රීඩාංගන සහ පළාත් පාලන ආයතන සතු ක‍්‍රීඩාංගන පුද්ගලික අංශයට විකිණීමට මේ දිනවල ආණ්ඩුව සූදානම් වෙමින් පවතින බව පැවසේ.

රාජ්‍ය ආයතන සතු ක‍්‍රීඩාංගන නිසි පරිදි නඩත්තු නොකරන බවට චෝදනා කරමින් මේවා පුද්ගලික අංශයට පැවරීමට අදාල කැබිනට් පත‍්‍රිකාව සකස් කර ඇතැයිද එය ඊයේ (09) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට සුදානමක් පවතින බවද ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

ස්වයං මූල්‍ය පාලනයක් යටතේ රාජ්‍ය හා පුද්ගලික අංශයේ දායකත්වය යටතේ කළමනාකරණය කිරීම යන පදනම මත මෙසේ මෙම ක‍්‍රීඩාංගන පුද්ගලික අංශයට ලබාදීමට නියමිතව ඇති බවද සදහන්ය.

ඒ අනුව ක‍්‍රීඩාංගන පුද්ගලීකරණය කිරීම සදහා වන බලය සුගතදාස ජාතික ක‍්‍රීඩා සංකීරණය වෙත බලය පැවරීම සදහා ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ විසින් අද දිනයේදී කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඒ අනුව ක‍්‍රීඩාංගන පුද්ගලීකරණය කිරීමේදී පුද්ගලික අංශ සමග මෙන්ම, දැනට ක‍්‍රීඩාංගන අයිති රාජ්‍ය ආයතන සමග ගිවිසුම් අත්සන් කිරීමේ බලය සුගතදාස ජාතික ක‍්‍රීඩා සංකීර්ණ අධිකාරිය වෙත පැවරෙනු ඇත.

ශානි

aithiya

Similar Posts