baby

ශ්‍රී ලංකාවේ ප්‍රථම සය දරු උපත අද (21) අලුයම කොළඹ ආසිරි පෞද්ගලික රෝහලේදී සිදු වී තිබේ.

පිරිමි දරුවන් 3 ක් හා ගැහැනු දරුවන් 3 ක් ලෙස මෙම උපත සිදුව ඇති අතර අද අලුයම 12.16 – 12.18 අතර කාලය තුළ සිසේරියන් සැත්කමක් මාර්ගයෙන් දරු උපත සිදුවිය.

ශ්‍රී ලංකාවේ එකවර දරුවන් 6 ක් මවක විසින් බිහිකරනු ලැබූ පළමු අවස්ථාව ලෙස මෙය සැලකේ.

ලෝක මට්ටමේදී වෛද්‍ය වාර්තා පොත් අනුව එවැනි අවස්ථා 18 ක් ගැන සඳහන්වේ. දරුවන් 6 දෙනාම නිරෝගීව ලබාගැනීම මෙවැනි සැත්කම්වලදී අතිශය දුෂ්කර ව්‍යායාමයකි.

Similar Posts