ලංකා ඉතිහාසයේ එකම නියෝජ්‍ය පොලිස්පතිනියට පිරිමි පාර්ශවයෙන් කෙතරම් බලපෑම් ආවත් පිරිමි කීයක් එතුමියට එරෙහිව අදහස් දැක්වූවත් ඇය නොබියව ඊට මුහුණ දුන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන තමන් ඇතුළු පාර්ලිමේන්තු නියෝජිතවරියන්ට එවැනි බාධාවන් හෝ බලපෑම් නොමැති බවත් කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි  හා කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමි‍ටු සභාපති රාජිකා  වික්‍රමසිංහ මහත්මිය පවසයි.

ඒ මහත්මිය මේ බව පැවසුවේ පොලොන්නරුව පුලතිසි බුද්ධිමණ්ඩපයේ පැවති පොලොන්නරුව දිස්ත්‍රික් පෙරපාසල් ගුරු වෘත්තීය සංගමයේ වාර්ෂික සම්මේලනයට සහභාගී වෙමිණි.

එහි දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය මෙසේ ද කීවා ය.

“දැන් ඔබට ඔබගේ සුභ සාධන කටයුතු ඇතුළු සියලු කටයුතු වෙනුවෙන් කරන්න ඕන සියලු කටයුතු සැලසුම් කරලා තියෙනවා.පසුගිය කාලයේ ඔබට ලැබුනෙ රුපියල් 250ක් වැනි ඉතාම අඩු දීමනාවක්.නමුත් අපි එය රුපියල් 2500ක දීමනාවක් දක්වා ඉහළ නංවලා තිබෙනවා.

ඊටත් වඩා එහේඅ ගිය ඔබව සුරකින වැඩපිළිවෙලක් තුළ ඊට වඩා වැඩි දීමනාවක් ලබා දෙන්න අවශ්‍ය සැලසුම් සකස් කර අවසන්.ඒ සියල්ල ඉදිරියේ දී ක්‍රියාත්මක කරන්න පුලුවන් වෙයි කියන විශ්වාසය අපට තියෙනවා.අපි කාන්තාවන් විදිහට ඒ ගැන නිරන්තරයෙන් අවධියෙන් ඉන්නවා මොකද කාන්තාවන් මේ රටේ පක්ෂ හදන්න රටේ නායකයින් බිහි කරන්න විශාල කැපවීමක් කරන පිරිසක් විදිහට ඔබේ අයිතීන් වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළත් අපි හඬක් නැගිය යුතුයි.

මොකද අපි දැක්කා කාන්තාවන්ට තැනකට එන්න ඉදිරියට එන්න බොහොම අමාරුයි.මේ රටේ ඉතිහාසයේ ප්‍රථම කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනිය ට කොතරම් නම් බලපෑම් ආවාද?පිරිමි පාර්ෂවයෙන්.එක කාන්තාවක් වෙනුවෙන් විරුද්ධව අදහස් ප්‍රකාශ කළා ද? හැබැයි අපි කාන්තාවන් විදිහට පාර්ලිමේන්තුව තුළ වාසනාවන්තයි.මොකද අපේ පාර්ලිමේන්තුව තුළ අමාත්‍යවරු මන්ත්‍රීවරු අපිව අපහසුතාවට පත් කරන්නේ නෑ.

නිරන්තරයෙන් ම අපට සහය දෙනවා.ඔබේ දිස්ත්‍රික්කයේ රොෂාන් ඇමතිතුමා වුණත් එතුමාගේ අමාත්‍යංශයේ කටයුතු ගැන අපව දැනුවත් කරනවා.පාර්ලිමේන්තුව තුළ වගේම කාන්තාවන්ට එතනින් එහාට ගිය චින්තනයක් තුළ කාන්තාවන්ට ත් සහය ලබා දෙනවා නම් කාන්තාවන්ගේ දක්ෂතාවන් හැකියාවන් මේ රටේ දැහැමි සමාජයක් බිහිකරන්න කාන්තාවන් සුදුසුයි නේද.?

පිරිමියාත් බිහි කරන්නේ කාන්තාවකගේ කුසෙන්.ඒ නිසා කාන්තාවන්ට මේ රටේ ඉහළම තැනට යන්නට යන්නට තිබෙන අයිතිය ලබා දිය යුතුයි.ඒ සඳහා සහය ලබා දිය යුතුයි.ඒ සඳහා සහය දෙන නායකයින් දෙපලක් තමයි අපට ඉන්නේ.

ගෝඨාභය රාජල්පක්ෂ මහින්ද රාජපක්ෂ කියන අසහාය නායකයන් මේ රටේ කාන්තාවන්ට නිසි ගෞරවය ලබා දෙනවා.අපි සමතැන් ඉල්ලන්නේ නෑ.අපි ඉල්ලන්නේ නිසිතැන්.ඒ අයිතීන් දිනා දෙන්න එතුමන්ලා කටයුතු කරයි කියන විශ්වාසය අපට තියෙනවා.පෙර පාසල් ගුරුතුමියන්ලා ලෙස ඔබගේ කාර්ය භාරය මිල කරන්න බෑ.”

මෙම අවස්ථාවට පළාත් සභා හා පළාත් පාළන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරල ඇතුලු මහත්ම මහත්මීන් ‍රැසක් එක්ව සිටියහ.

ඊෂ‌ා  මුදියන්සේ – පොලොන්නරුව

Similar Posts