isolated areas in colombo

සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා හමුවිය.

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින්ගේ විද්වත් සංගමයේ සභාපති, රවී කුමුදේශ් මහතා,

දැනට කරමින් සිටින රට වසා දැමීමේ තිබෙන අසාර්ථකත්වය මොකක්ද? ඒක සාර්ථක බවට පරිවර්ථනය කරන්නේ මොනවද කරන්න ඕනේ කියන එක යන කාරණා කරුණු සහිතව පෙන්වලා දුන්නා රජයේ ප්‍රතිපත්තියක් වගේ එකක් අපිට පේන්නට තියෙනවා. වැක්සින් එක දීලා ඉවර උනාම මේ රටේ වසංගතය තුරන් වෙනවා කියලා.

ඉතිං අපි ඒකෙදී කරුණු සහිතව සෞඛ්‍ය අමාත්‍යවරයාට පෙන්නලා දුන්නේ අද වෙනකොට ඉතා පැහැදිලිව පෙනී යන කාරණාවක් තමයි වැක්සින් එක දුන්නට රෝගය බෝ වෙනවා හා රෝගය බෝ කරනවා. අපි බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට ජනාධිපතිවරයාට හෝ කාර්ය සාධන බලකායට හරි මේ පිළිබඳව පැහැදිලි කරලා අර වැරදි මතවාදී ඉවත් කරලා රට විද්‍යාත්මකව වසා තැබීමක් ඉදිරියට ගෙනල්ලා ඉදිරියේදීවත් මේ වෛරස් ඒ අඛණ්ඩ පැවැත්ම නවත්තලා යම්කිසි පාලනයකට රට ගෙනල්ලා ආර්ථිකය සකසා ගැනීමේ වැඩපිළිවෙළට එළැඹෙයි කියලා.

වෘත්තිය සමිති සම්බන්ධිකරණ මධ්‍යස්ථානයේ සමකැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා,

මොකද ජනාධිපතිතුමා අපට සාකච්ඡාවක් දුන්නේ නෑ තවම. අපි සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් අවධානය යොමු කරේ මේ පිළිබඳව වගකියපු ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා සමග මැදිහත්වෙලා මේ කරුණු ඉස්සරහට සාකච්ඡා කරන්න. අපේ පැත්තෙන් දෙන්න පුළුවන් සියලු සහයෝග වෘත්තීය සමිති ව්‍යාපාරය හැටියට අපි ලබා දෙනවා. කෝවිඩ් පාලනය කරලා මිය යන එක නවත්තලා රට ඉස්සරහට ගෙනියන්න අපි උදව් කරනවා කියන කාරණය කිව්වේ අපි

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති, සමන් රත්නප්‍රිය මහතා,

මේ දීලා තිබෙන ලොක්ඩවුන් එක ඇතුළේ කොවිඩ් මර්දනයට උත්තරයක් නැහැ. විද්‍යානූකූල එකක් නෙමෙයි මේක පොලිටිකල් ලොක්ඩවුන් එකක්. පි.සී. ආර් පරීක්ෂණ වැඩි කරලා නැහැ. රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වැඩි කරලා නැහැ. එහෙනම් මේ ඇමතිවරයට කිව්වේ මේ ලොක්ඩවුන් එක හොඳයි හැබැයි මේක විද්‍යානූකූල තැනකට ගේන්න.

සෞඛ්‍ය ඇමතිගේ ඇහුම්කම් දීම සාධනීයයි ඔහු ප්‍රශ්නය තේරුම් ගත්ත බව පැහැදිලියි. ඒ නිසා ඔහු මැදිහත්වෙන බව අපිට ප්‍රකාශ කළා. ජනාධිපතිවරයත් එක්ක සාකච්ජා කරන බව ප්‍රකාශ කළා. ඒ සාකච්ජා කරලා කුමක්ද කරන්නේ කියන කාරනාව දිහා අපි ඇස් ඇරගෙන බලාගෙන ඉන්නවා.

Similar Posts