roti

මධ්‍යම කදුකරයේ වතුකරය ආශ්‍රිත ප්‍රදේශ තුල පවතින තිරිගු පිටි හිගය හේතුවෙන් වතු කරයේ වතු කම්කරුවන් බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන වතු කම්කරුවන් පිරිසක් පවසනුයේ මේ වන විට මෙම ප්‍රදේශයන් තුල තිරිගු පිටි හිගයක් පවතින බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

තමන්ගේ ප්‍රධාන ආහාරය රෝටි වන අතර මෙම දිනවල පවතින පිටි හිගය හේතු‍වෙන් තමන්ට ආහාර සදහා නිසි ලෙස රෝටි සදා ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත් මෙම තත්වයන් මත තමන්ට වතුවල වැඩට යන විට නිසි ලෙස කැමට රෝටි ගෙන යාමට නොහැකි විමෙන් බොහෝ අවස්ථාවලදි දහවලට ආහාර නොමැතිව සේවය කිරිමට සිදුව ඇති බවත්ය.

මෙම තත්වයන් පිලිබදව අවදානය යොමු කර තමන්ට යම් කිසි පිටි සහනාධාරයක් හෝ ලබා දිමට රජය මගින් පියවර ගන්නේ නම් එය තමන්ට කරනු ලබන විශාල සහනයක් බවද එම පිරිස් වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts