gotabaya

රටේ උද්ගතව ඇති දේශපාලන අර්බුදය විසඳීමේ අදහසින් ඊයේ රාත්‍රී ජනපති ගෝඨාභය රාජපක්ෂ හමුවන්නට ගිය මෛත්‍රී සමග ශ්‍රීලනිප කණ්ඩායම, අනුර ප්‍රියදර්ශන සමග ස්වාධීන කණ්ඩායම හා වාසු ඇතුළු අනුබද්ධ පක්ෂ 11 කණ්ඩායම පැවැත්වූ සාකච්ඡා වැදගත් තීරණ නොගෙන අවසන්වී තිබේ.

මෙම සාකච්ඡාවේදී හිටපු ජනපති මෛත්‍රිපාල 20 වන සංශෝධනය අහෝසිකර 19 යළි පිහිටුවමු යනුවෙන් ගෙනා යෝජනාවට ජනපති එකඟවී නැති අතර ජනපති පවසා ඇත්තේ 20 අඩුපාඩු තිබේ නම් ඒවා පමණක් සංශෝධනයට ලක් කළ හැකි බවයි.

ඒ අනුව වාසුදේව නානායක්කර මහතා දන්වා ඇත්තේ 21 වන සංශෝධනයක් ඒ අනුව ගෙන ආ හැකි බවයි.

ජනපති මොවුන් කැඳවා අන්තර් පාලන ආණ්ඩුවක් පිහිටුවීම ගැන සාකච්ඡා කරනු ඇතැයි මුලින් අදහස්වූවද එම සාකච්ඡාවේදී එැවන්නක් ගැන කතාවී නැත.

ජනපතිට වඩාත් තහවුරු කර දැනගන්නට උවමනා වී ඇත්තේ ඉදිරි දෝෂාභියෝග හෝ විශ්වාසභංග යෝජනාවකින් බහුතරය විමසන ඡන්ද විමසීමකදී පාර්ලිමේන්තුවේදී තමන්ට පක්ෂපාතීව ඡන්දය දෙන්නට මෙම කණ්ඩායම් සූදානම්ද නැද්ද යන්න සැකහැර දැනගැනීමටය. ඒ ගැන විමසමින් ජනපති ඔවුන්ගෙන් නැවත නැවත ප්‍රශ්න විමසූ බව දේශපාලන ආරංචි වාර්තා කරයි.

Similar Posts