milco

මිල්කෝ ආයතනයට අයත් දිගන කර්මාන්තශාලාවේ නිෂ්පාදන දෝෂයක් නිසා වැනිලා රසැති කිරි පැකට් 122,000 ක තොගයක් එම කර්මාන්තශාලා භූමියේ වළ දැමීමට පාලනාධිකාරිය කටයුතු කර තිබේ.

මිලි ලීටර් 180 ප්‍රමාණයේ මෙම කිරි පැකට් ඉකුත් නොවැම්බර් මස 27 වැනිදා නිෂ්පාදනය කර ඇති අතර, ඉකුත් 30 වැනිදා එම කිරි පැකට් ඩෝසර් යන්ත්‍රයක් යොදාගෙන කර්මාන්තශාලා භූමියේම වළ දැමූ බවද මිල්කෝ ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

මෙම කිරි පැකට් තොගය නිෂ්පාදනය සඳහා යොදාගෙන තිබෙන එළකිරි ප්‍රමාණය ලීටර් 22,000ක් බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

කර්මාන්තශාලාවේ කිරි පැකට් නිෂ්පාදන කටයුතු කරන අතරතුර ඒවා වරින් වර රසායනාගාර පරීක්ෂාවකට ලක්කරනු ලබන්නේ නම් මෙතරම් බරපතළ නාස්තියක් සිදු නොවන බව මිල්කෝ ආයතනයේ සේවකයෝ පවසති.

Similar Posts