nandalal

ශ්‍රී ලංකා රජය මඟින් විදේශයන්ට ගෙවිය යුතු ද්වීපාර්ශ්වීය හා බහුපාර්ශ්වීය ඇතුළු සියලු ණය ආපසු ගෙවීමේ කටයුතු තාවකාලිව අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (12) ප්‍රකාශ කළේය. එම මුදල් ගෑස්, තෙල්, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ආනයනය සඳහා යොදා ගන්නා බව ද කොළඹ කොටුව මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ඊයේ (12) දහවල් පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා කීවේය.

පවතින තත්ත්වය අනුව ණය ගෙවීම අභියෝගයක් මෙන්ම කළ නොහැකි කාර්යයක් බවට පත්ව ඇති බවත් ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අවස්ථාවක් ඇති කරගත යුතු බවත් පැවසූ අධිපතිවරයා ඉන් අපි අදහස් කරන්නේ දීර්ඝ කාලීන ණය ගෙවීම් පැහැර හැරීමක් සිදු වීම වළක්වා ගැනීම බවත් කීවේය.

ඩොලර් අර්බුදයෙන් මව්බිම බේරා ගැනීමට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් පෙළඹී ඇති ප්‍රවණතාවක් මතු වී ඇතැයි ද හෙතෙම කීවේය.

මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ විදේශීය මුදල් ආධාර බැර කිරීමට අලුතින්ම ගිණුමක් නුදුරේදීම හඳුන්වා දීමට පියවර ගන්නා බව ද පැවසීය.

Similar Posts