නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මයිනාගෝගමට පැමිණ එතැන සිටි පිරිස අමතමින් අත්අඩංගුට ගත් පිරිස සම්බන්ධයෙන් මෙලෙස සිය අදහස් ප්‍රකාශ කර සිටියේය.

” මම මේ නඩු තීන්දුව සම්පුර්ණයෙටන්ම බැලුවා. නඩු තීන්දුවෙන් අපි මේ කරගෙන යන ව්‍යාපාරයට කිසිදු ආකාරයකින් මහජනතාවට පීඩාවක් නොකර , ප්‍රචාණ්ඩත්වයකින් තොරව මේ ගෙනියන අරගලයට නඩු තීන්දුවන් කිසිදු බධාවක් නැ. මේක පොලිස් දේපාර්තමේනතුවට ලොකු වගකීමක් තියනවා සාමය පවත්වාගෙන යාමට.

මේක සම්බන්ධයෙන් සම්පුර්ණයෙන්ම අධ්‍යනය කරලා බැලුවාම මේ ගෙනියන වැඩපිළිවෙළ සම්පුර්ණයෙන්ම නීතිවිරෝධි.මේ රට මේ තත්ත්වය පත්වුනේ ඇයි? එකට ප්‍රධානම හේතුව අපි පත් කරගත්ත මිනිස්සු. අපිට දැන් තියනවා වගකීමක් සියළුම පුද්ලයන්ට අපේ අදීකාරි බලය සෘජුව ක්‍රියාත්මක කරලා 225 ම අපි හමුවේ දණගැස්විය යුතුයි විධායක ජනාධිපතිවරයා සමඟ. පාර්ලිමේනතුව අපි තවදුරටත් පිළිගන්නේ නැ. විධායක ජනාධිපතිවරයා තවදුරටත් අපි පිළිගන්නේ නැ.ඔවුන් මේක දාලා යනතුරු අපි මේ සටන ගෙනියනවා. මොවුන් දැන් අනාතයි. අසරණයි.

Similar Posts