srilanka-team

මෙවර පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී තමන් සහභාගී වූ පළමු තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම  සමත් වුණා.

අබුඩාබි නුවර පැවැති මේ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව නැමීබියාවට දුන් ශ්‍රී ලංකා පිල ඕවර 19කුත් පන්දු 3කදී ප්‍රතිවාදි පිල ලකුණු 96කට සීමා කළ අතර, ඕවර 13.3ක් ඇතුළත කඩුලු 3ක් වැය කරමින් ජයග්‍රාහී ඉලක්ක සපුරා ගත්තේය.

අගනා පන්දු යැවීමක නිරත වූ මහීෂ් තීක්ෂණ කඩුලු 3ක් දවාලූ අතර, ළහිරු කුමාර සහ වනිඳු හසරංග කඩුලු 2 බැගින් දවාලූහ

ජයග්‍රහණය සඳහා ලකුණු 97ක පහසු ඉලක්කයක් හිමි වූවත් ශ්‍රී ලංකාවේ මුලු ලකුණූ ගණන 26ක් වෙද්දී දැවී ගොස් තිබූ කඩුළු ගණන 03ක්.

පැතුම් නිස්සංක සහ දිනේෂ් චන්දිමාල් ලබා ගත්තේ ලකුණු 05 බැගින් පමණක්වන අතර කුසල් ජනිත් පෙරේරා ලබාගත්තේ ලකුණු 11ක් පමණයි.

කෙසේ වෙතත් සිදු වූ අවමානයෙන් ශ්‍රී ලංකාව ගලවා ගැනීමට පැමිණියේ අවිශ්ක ප්‍රනාන්දු සහ භානුක රාජපක්ෂ යි.

ඔවුන් දෙදෙනා එක්ව ශ්‍රී ලංකාව ජයග්‍රහණයේ සීමාව කරා ගෙන ගිය අතර අවිෂ්ක ලකුණු 30කුත් භානුක ලකුණු 42කුත් ලබා ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 03ක් දැවී ලකුණූ 100ක් ලබා තරගය ජයගනු ලැබුවා.

තරගයේ ජය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා පිතිකරුවන් වැය කළේ පන්දුවාර 13යි පන්දු 03ක් පමණයි.

Similar Posts