dolor

ඉදිරි මාස 06 සඳහා වන ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික සැලැස්ම අද නිල වශයෙන් එළිදැක්වුණා.

ඒ ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඉදිරි මාස හය තුළ සර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායිතාවය සහතික කිරීම ඉලක්ක කරගනිමින් නව ආර්ථික සැලැස්ම සම්පාදනය කර ඇති බවයි මහ බැංකු අධිපතිවරයා මෙහිදී කියාසිටියේ.

මේ වනවිට ශ්‍රී ලංකාව සතු විදේශ සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක් බව මෙහිදී මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළා.

රටේ සියලූ ප්‍රධාන අංශ ආවරණය කරමින් මෙම සය මාසික සැලැස්ම කර ඇති බවද අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කලා.

Similar Posts